ආදිතම මිනිසාගේ සිට සෙවණැල්ල මෙන් සිටියේ සුනඛයාය. විටෙක මේ සුනඛයා හාම්පුතාගේ ආරක්ෂකයාය. විටෙක සුරතලාය. රැකියාවට සහාය වූවකු ද විය. තවත් විටෙක පාළුව තනිකම මකන්නට සිටි මිතුරකු වැනිය.
මේ සුනඛ සුරතලා ගේ පරිණාමය ද ක්‍රමයෙන් වර්ධනය වී ගොස් ඔවුන් ද එක් එක් රටවල දේශගුණයට ඔරොත්තු දෙන පරිදි හැඩයෙන් බැල්මෙන් පෙනුමෙන් වෙනස් වන්නට විය. අද වන විට ලොව පුරා සිටින සුනඛයන් වර්ග සංඛ්‍යාව...