ජීවිතයක ඉරණම වෙනස් වන්නට යන්නේ ඉතා සුළු මොහොතක් පමණි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ඇෆ්ගනිස්තාන ජනතාව පසුගිය ඉතා කෙටි කාලය තුළ මුහුණ දුන් කටුක අත්දැකීම් රාශියයි. මැයි මාසයේ ආරම්භ වී මාස තුනක කෙටි කාලයක් ඇතුළත තම වත්කම් ඇතුළුව උන් හිටි තැන් පවා අහිමිව ගිය ජනතාව අතර තම රටින් සරණාගතයන් ගේ බැහැර වීමට සිදුවූ ජනතාවද, ගුවන් යානාවලින් ඇද වැටී මියගිය ජනතාවද ජීවිතයේ අනිත්‍ය පිළිබඳ...