මලයාසියාවේ එක්තරා පෙදෙසක ජැක්ලීන් නම් දැරියක සිටියාය. ඇය ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබද්දී ගුරුතුමිය පැවරුමක් ලෙස රචනා ලිවීමට දෙන්න පුරුදු වී සිටියාය. කියවීම හා ලිවීම හොඳින් කළ හැකි දැරියක වුවද ඇය කිසි දිනෙක වාක්‍ය ගළපා රචනා ලිවීමට අසමත් වූවාය. පන්තියේ අනෙක් සිසුන් පිටු පුරා රචනා ලියද්දී, තමාට හිස් කොළයක් දෙස බලාගෙන, පැන්සල හපමින් සිටින්නට සිදු වන්නේ මන්දැයි ඇය කල්පනා කළාය...