අප කොයි කවුරුත් ගෙවන්නේ ඉතා කාර්ය බහුල ජීවිතයකි. උදෑසන අවදි වූ මොහොතේ සිට නින්දට යන තෙක් විවිධ වැඩරාජකාරිවල නියැළෙන අපි සැවොම, විවේකයක් ලද විට කොහේ හෝ නිස්කලංක තැනකට ගොස් සුන්දර සතුටක් ලබන්නට ප්‍රිය කරති.
බොහෝ දෙනෙකු අපේ රටේ සුන්දර ස්ථාන කරා යන්නේ තම විඩාබර ජීවිතයට අස්වැසිල්ලක් ළඟා කරගන්නටය. එලෙසම තවත් පිරිසක් රට රටවල සංචාරය කරන්නේ වෙනස්ම ආකාරයේ අත්දැකීමක්, වින්දනයක් තම...