“කිරි” ගැන ලියන්නට “තකතීරුවා” හිතාගෙන හුඟාක් දවස් ය.
ප්‍රමාද වුණේ “කිරි” ගැන ලියන්නට ඇත්තේ “එළකිරි” කථාවක් නොවන හන්දාය.
“කිරි, කිරි” කථාවකුත් නොවේ.
හිත “කීරි” ගැහෙන “කථාය”!
අද “කිරි” කියන වචනය ඇසූ කල මතක් වන්නේ “මවුකිරි” හෝ එළකිරි, එළු කිරි, ඔටු කිරි හෝ “රබර් කිරි” නොවේ.
“පිටි කිරි” ය.
පිටි කිරි දැන් “ලෝක පාලන දේවතාවක්” වගේ බලගතුය.
ඉස්සර ලෝක පාලන දෙවිවරුන්ගේ “පැලස්”...