නූතන සිංහල කවිය ගැන විමසීමේදී ජී.බී. සේනානායක විසින් 1946 වර්ෂයේදී පළ කළ “පලිගැනීම” නමැති කෙටි කතා සංග්‍රහයේ එන පද්‍යාවලීන් විලාසයෙන් එන නිබන්ධ ගැන අපගේ අවධානය යොමු විය යුතුය. මේ කෙටිකතා සංග්‍රහයේ පරිශිෂ්ඨයේ ඇති ඒ පිළිබඳ සටහන පහත සඳහන් පරිදි ය.
“මේ පොතෙහි පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිබන්ධ මා සලකන්නේ ගද්‍යයට ද පද්‍යයට ද අතරවන නිබන්ධ විශේෂයක් වශයෙනි. ඒවා කියවිය යුත්තේ ගද්...