රට පුරා වැඩිම පන්සල් ගණන පාලනය කළ සියම් නිකායේ පුනර්ජීවනය, බටහිර ආභාසය වැඩියෙන්ම බලපෑ මුහුදුබඩ පලාත්වල පවා බුදු සමයේ පුනරුදයකට තුඩු දුන්නේය. දකුණු වෙරළබඩ තීරයේ බලවත් වූ බොහෝ කුලවලටඅයත් වූ, සියම් නිකායට ඇතුළු වීමට අවසර නොලද්දෝ බුරුම භික්ෂූන්ගෙන් උපසම්පදාව ලැබීම නිසා ‘අමරපුර’ සහ ‘රාමඤ්ඤ’ යන නම්වලින් හඳන්වනු ලැබූ ඔවුන්ගේම නිකායයන් පිහිටුවාගත්හ. මේ භික්ෂූන්, දකුණේ සියම්...