ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී මධුභාෂිණී දිසානායක රත්නායක
විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සලකා බැලුවොත් මම මේ කියන දේ අදාළ වන්නේ වැඩිපුරම කලා අංශයේ දරුවන්ට. මොකද කළමනාකරණ, වෛද්‍ය, ඉංජිනේරු ආදි විෂයයන් හැදෑරීමට කෙසේ හෝ ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නිසා ඔවුන් ඒ අභියෝගයට මුහුණ දෙනවා. ඒත් කලා පීඨවල දරුවන් බහුතරයක් ඉංග්‍රීසි දැනීම ද්‍රෝහිකමක් ලෙස හිතන්න පුරුදු වී සිටිනවා. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුසිසුවියෝ ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකය මඟින්...