රයිගම් කෝරලයට සේන්දු වූ අප දොඹගොඩ හමුදා කඳවුර අසලින් වැටී ඇති ගුරුපාර දිගේ නිව්චැටල්වත්තට යන විට මොනරුන්ගේ කේකාරාවය ඇසුණේ විලාපයක විලාසයෙනි. රබර් වතු මැද පවතින මඳ අඳුර කියාපාන්නේ දැඩි මූසල ස්වාභාවයකි. එහෙත් එම මූසල නිහඬතාව බිඳ දමමින් නිව්චැටල්වත්තේ මිනිසුන් යුහුසුළුව තම ගවයන් ගස්වල කෙටි කර බැඳ දමා පෙරමඟ බලා සිටියේ පශු වෛද්‍යවරුන්ගේ පැමි...