නව මිනුම්පති ලෙස ඩබ්ලිව්. සුදත්. එල්. සී. පෙරේරා වැඩ භාර ගනියි | Page 3 | සිළුමිණ

නව මිනුම්පති ලෙස ඩබ්ලිව්. සුදත්. එල්. සී. පෙරේරා වැඩ භාර ගනියි

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක මිනින්දෝරුවරයෙකු ලෙස කටයුතු කළ ඩබ්. සුදත් එල්.සී. පෙරේරා පසුගිය 30 දා මිනුම්පති ධුරයේ වැඩ භාර ගත්තේය.

වැලිකඩ ගම්/ධර්මපාල ප්‍රාථමිකයෙන් හා මීගමුව ගම්/ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. ගුරු සේවයට බැඳුනු ඔහු 1988 වසරේ සහකාර මිනින්දෝරු අධිකාරිවරයකු ලෙස සේවයට එකතු වූ අතර මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත.

බහරේන් රාජධානියේ භූ විෂමතා සමීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කර ඇති අතර දෙස් විදෙස් සම්මන්ත්‍රනවලට මෙන්ම මෙරට යෝජනා ක්‍රම සඳහා දායකත්වයට ලබා දී ඇත. සිතියම්කරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම හා සිතියම් මහජනතාවට වඩාත් සමීප කරවීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටුකර ඇති ඔහු ශ්‍රී ලංකාව තුළ ඉඩම් තොරතුරු පද්ධති අංශය වඩාත් පුළුල් ලෙස බල ගැන්වීමට මූලිකව කටයුතු කර ඇත. එසේම මේ වන විට ජාතික අවකාශීය දත්ත යටිතල පහසුකම් පිහිටුවීම සඳහා පත් කර ඇති ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස හා ශ්‍රී ලංකා මැනුම් සභාවේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරයි.

Comments