සතියේ කල දවස | Page 2 | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් ගන්නේ ලග්නය දෙවැන්න තුන්වැන්න සහ සිවුවැන්න හරහාය. ආරම්භය ගැටලු සහගත වන්නේ සිත් රිදීමක් කලකිරීමක් ඇතිවිය හැකි බැවිනි. ඉන්පසු දින කිහිපය අයහපත් නොවේ. මවුපිය සහෝදර සහෝදරියන් දූ දරුවන් එක්ව පුණ්‍ය කටයුතුවලට සහභාගී වන ගෘහ ජීවිතයේ සතුට සැනසීම ඇති දින කීපයකි. ආර්ථිකය ශක්තිමත්ය. දුවා දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණය පෙන්වයි. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.

සුබ අංකය - 5, 4, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස්- අඟහරුවාදා, ඉරිදා

වෘෂභ - මිශ්‍ර පල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි. ආරම්භය විදෙස්ගත හිතවතුන්ගේ පැමිණීමක් හෝ තෑගිබෝග ලැබීමක් සිදුවිය හැකිය. සාමාජීය වශයෙන් පිළිගැනීමට ලක්වන ඔබට උසස් මිතුරු ඇසුරක් හිමි වේ. ගෘහ ජීවිතය තුළ සතුට සැනසීම ඇත. ආර්ථිකය, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු, රැකී රක්ෂා කටයුතු යහපත් වේ. ඇවිදිලි අධික වේ. පාඩුද සිදුවිය හැක. අපල අසනීප අවම වීමට වකුගඩු රෝගීන්ට උදවු කරන්න.

සුබ අංක - 6, 9, සුබ වර්ණ - රෝස, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

මිථුන - ධන ලාභ

සඳු ගමන් කරන්නේ 11, 12, 01,02 යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. ගෘහ ජීවිතය තුළ අඟහිගතාවයන් ඇති නොවන යහපත් ආර්ථික පසුබිමක් ගොඩනැඟෙන සතියකි. දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබේ. රැකියා ව්‍යාපාරවල සුබවාදී වර්ධනයක් දක්නට ලැබෙයි. සතියේ අතර මැද හිතවතකු නිසා කලකිරීමක් ඇති විය හැකිය. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක - 3, 9, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

කටක - රැකී රක්ෂා ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 10, 11,12,01 යන භාවයන් මතිනි. රැකි රක්ෂා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. උසස් උගත් මිතුරන් හමුවේ. සමාජ සේවා වැනි කටයුතුවලදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි. පදිංචි ස්ථානයේ දියුණුව, ‍ගෙදර දොර අලංකාරය පිණිස වැඩි කාලයක් ගත කරයි. වචන මෙන්ම ස්වරූපයද ප්‍රියමනාප වේ. අන්‍යයන්ගේ අවධානය යොමු වේ. අපල අවම වීමට සුදු මල් පූජා කර පත්තිනි දේවියට පින් දෙන්න.

සුබ අංක - 5,9, සුබ වර්ණ - සුදු, කහ, සුබ දවස් - සඳුදා, සිකුරාදා

සිංහ - පුණ්‍ය සිතුවිලි පල දරයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතිවිලි සහිතව ආරම්භ වන සතිය තුළ ඔබගේ රැකියා ව්‍යාපාරවල ආදායම් සුබ පල ගෙන දෙයි. පදිංචි ස්ථානයේ දියුණුව වෙනුවෙන් කාලයක් වෙන් කරයි. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සතුටුදායක ආරංචි, ගෘහ ජීවිතයේ ගැටලු නොමැතිව පවත්වාගෙන යයි. පාඩුවක් හෝ නිෂ්ඵල ගමනක් යෙදෙන්නට ඉඩ ඇත. අපල අසනීප අඩු වීමට විවේක ගන්න.

සුබ අංක - 4, 9, සුබ වර්ණ - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

කන්‍යා - දරුවන්ගේ අධ්‍යාපන දියුණුවක්

සඳු ගමන් කරන්නේ 8, 9, 10,11 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් අසන්නට ඉඩ ඇත. ඉන්පසු දින කීපය රැකියා ව්‍යාපාර සඳහා ඇවිදිලි වැඩි ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබිය හැකි කාලයකි. ගෘහ ජීවිතයේදී වෙහෙස වැඩි කටයුතුවල නියැළෙන්නට සිදු වේ. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය සිදුවන ග්‍රහ බල පෙන්වයි. අපල අසනීප ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

තුලා - සහෝදරයන්ගේ උපකාර

සඳු ගමන් ආරම්භ කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වැඩි ලාභ අත්කර දෙයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් පෙන්වයි. යුග දිවියේ යම් ගැටලු මතු වුවත් ඒවා තාවකාලික වේ. රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. සහෝදර උපකාර ලැබෙන උසස් අය ඇසුරට ලැබෙන සතියක් වුවත් අතර මැද දිනවලදී ගැටලු මතුවිය හැක. අපල අවම කරගැනීමට දසදිසා පිරිත කියන්න.

සුබ අංක - 6, 9, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික - සතුරු කරදර සමනයට

සඳු ගමන් කරන්නේ 6, 7,8,9 යන භාවයන් මතිනි. ආරම්භය ගැටලු සහගත විය හැකි අතර සුළු අනතුරු, සිත් රිදීම් ද ඇතිවිය හැකිය. කනගාටුදායක පුවත් කන වැකේ. ව්‍යාපාරවලින් ලාභ හිමි වේ. පුණ්‍ය කටයුතු පිළිබඳව උනන්දුවක් ඇති වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ජයග්‍රහණ අසන්නට ලැබෙයි. අපල අවම කරගැනීමට කහ පාට මල් පූජා කර කතරගම දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක - 1, 9, සුබ වර්ණ - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු - මිශ්‍ර පල ගෙන දෙයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. ආදරය, ප්‍රේමය, විවාහය යන කටයුතුවලට සුබ පල ගෙනෙන මේ සතිය සුබ පල මෙන්ම සුළු ගැටලුකාරී තත්ත්වයක්ද පෙන්වයි. සිත් රිදීම් ද ඇති වෙයි. පදිංචි ස්ථානය වෙනුවෙන් වෙහෙසෙයි. දුර ගමන් යෙදෙයි. යහපත් මිතුරන් මුණගැසිය හැකි අතර ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. අපල අවම වීමට දුර්වල අයට උදවු උපකාර කරන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා

මකර - අධ්‍යාපනික ප්‍රගතිය

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතයේ කටයුතුවලට වැඩි කාලයක් වෙන් කරයි. අලංකරණය සඳහා වෙහෙසෙයි. රැකියාව වෙනුවෙන් ඇවිදිලි වැඩි වේ. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය වැඩිදියුණු වේ. අසනීප ගතිවල සුළු වශයෙන් අඩුවක් පෙන්වයි. ධෛර්යයෙන් වැඩ කරයි. යහපත් මිතුරු ඇසුරක් ලැබේ. දරු මුනුපුරන් සමඟ කාලය ගත කරයි. අපල අවම වීම සඳහා අසරණයන්ට පිහිට වන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

කුම්භ - මවුපිය උපකාර

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර උපකාර මවුපිය උදවු හිමි වන සතියකි. දරුවන්ගේ සහජ බුද්ධිය වර්ධනය වේ. ප්‍රාථමික අංශවල දරුවන්ට නුවණ වර්ධනය වන ග්‍රහ බල පිහිටීම් ඇත. ලැබීම් සහිතය. අසනීප අනතුරුවලට ද ඉඩ ඇත්තේ ඒරාෂ්ටකයක් ගත වන බැවිනි. ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න. අපල අවම කරගැනීමට උදෙන්ම නිල් මල් සහ පැන් බඳුනක් බුදුන්ට තබන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - නිල්, සුබ දවස් - සෙනසුරාදා, සිකුරාදා

මීන - ආර්ථිකය ශක්තිමත් වේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. ආරම්භය වචනයක් නිසා මාපියන්ගේ සිත් රිදීමක් ඇතිවිය හැකිය. ඒ නිසා බුද්ධිමත්ව වචන පරිහරණය කරන්න. සහෝදර උපකාර හිමි වන දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටුවන සතියකි. ආදරය, විවාහය, ප්‍රේමය වැනි කටයුතුවලට සුබ පල පමුණුවයි. ප්‍රමාද වූ දරු පල සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. අපල අවම කරගැනීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.

සුබ අංක - 3, 9, සුබ වර්ණ - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

 

Comments