ගම්පහ දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටළුව සම්පූර්ණයෙන් විසදීමට කඩිනම් පියවර ගැනේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ පානීය ජල අවශ්‍යතාවය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පඩිකෝරාළ මහතාට උපදෙස් දෙයි.
අමාත්‍යවරයා අවධාරණය කළේ මේ වසර අවසන් වීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම පවුලකටම පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරන බවයි.
ගම්පහ පිහිටි “ලක් සියනෑ මැදුරේදී” පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට ඊයේ(29) සහභාගී වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
කරස්නාගල ජල ව්‍යාපෘතිය දෙසැම්බර් මස නිම කිරීමට නියමිත බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේම ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකිදැයි මෙහිදි අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩයෙන් විමසීය.
මේ වනවිට කරස්නාගල ජල ව්‍යාපෘතිය ඉදිකෙරෙමින් තිබෙන බවත්, දෙසැම්බර් වනවිට ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කළ හැකි බවත් ජල සම්පාදන නිලධාරීන් සඳහන් කර සිටියහ.
දෙසැම්බර් මස අවසන් වීමට පෙර කරස්නාගල ජල ව්‍යාපෘතිය අවසන් කිරීමට නිශ්චිත පිළිතුරක් ලබා නොදීමට හේතු මොනවාද යන්න අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ගෙන් විමසීය.
මේ වනවිට සම්ප්‍රේෂණ නළ 80% ක් එලා ඇති බවත් දෙසැම්බර් මස වනවිට සම්පූර්ණ නළ එළා අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් මෙහිදී සඳහන් කළේය.
ප්‍රාදේශිය ලේකම් මට්ටමින් සැලැස්මක් නිර්මාණය කර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 90%ක් වත් ජල අවශ්‍යතාවය සපුරා දෙන්නැයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියේ අත්තනගල්ල ජල ව්‍යාපෘතිය දෙසැම්බර් වනවිට අවසන් වනවාද? ඊට සමගාමීව බෙදා හැරීම් සිදු කරනවාද? ආසන මට්ටමින් සමස්ථ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රමාණයක් ආවරණය වෙනවාද? යන්න පිළිබඳව වාර්තාවක් තමන්ට කඩිනමින් ලබා දෙන ලෙසයි.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්,රාජ්‍ය නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.