මෙරට අධ්‍යාපන ක්‍රමවේදය සවිබල ගැන්වීමේ සහ ශ්‍රී ලංකාවේ දුවා දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයකට සහය වීමේ ප්‍රයත්නයක් ලෙස, LOLC සමූහය 2023 පෙබරවාරි මාසයේ දී 'දිවි සවිය' ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන මඟින් දිවයිනේ අවශ්‍යතා ඇති පාසල් හා පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පාසල් උපකරණ කට්ටල බෙදාදීමක් සිදු කරනු ලබයි. මෙමඟින් මෙරට පාසල් දුවා දරුවන්ට අධ්‍යාපනයට හිතකර පරිසරයක් සකසා දීම අපේක්ෂා කෙරේ.
'දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්' යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් 1 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත්, පාසල් බෑග්, පෑන්, පැන්සල්, වර්ණ පෙට්ටි, කවකටු පෙට්ටි ඇතුළු වාර්ෂික අවශ්‍යතා සපුරාලීම අරමුණු කරයි. මෙම උදාර ප්‍රයත්නය තුළින් LOLC සමූහය දරුවන්ගේ පාසල් අවශ්‍යතා සපුරාලීමේ දී බොහෝ පවුල් මුහුණ දෙන මූල්‍යමය දුෂ්කරතා අවම කිරීමට සහ සිසුන්ට තම අධ්‍යයන කටයුතු කෙරෙහි සිය අවධානය මුළුමනින්ම යොමු කිරීමට අවස්ථාව සලසා දීමට ද කැපවී සිටී.
දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි 1 සිට 50 දක්වා ශිෂ්‍ය ප්‍රජාවක් සිටින සියලුම පාසල් 1, 390 වෙත ළඟා වෙමින් 'දිවි සවිය' ව්‍යාපෘතියේ ආරම්භක අදියර කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගන්නට විය. මේ වන විට ක්‍රියාත්මක දිවි සවිය දෙවන අදියර හරහා 51 සිට 100 දක්වා ශිෂ්‍ය ප්‍රජාවක් සිටින පාසල් 1, 512ක් දක්වා මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කරමින් දියත් කිරීමට අපේක්ෂා කරයි.