සම්බෝධි විහාරය හා තාෆෝ විහාර සංවත්සරයට උත්සව රැසක් | Page 2 | සිළුමිණ

සම්බෝධි විහාරය හා තාෆෝ විහාර සංවත්සරයට උත්සව රැසක්

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය හා චීනයේ තාෆෝ විහාර මිත්‍රත්වයේ 7 වසරක සැමරුම් උත්සවය සැප්තැම්බර් මස 1 සිට සතියක් කොළඹ, මහනුවර, අනුරාධපුරය, ගාල්ල නගර මුල් කරගනිමින් පැවැත්වේ.

එහිදී ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක්, ග්‍රන්ථයක් එළි දැක්වීම, කෝටි 5කට ආසන්න රෝහල් උපකරණ කරාපිටිය රෝහලට පරිත්‍යාග කිරීම හා ස්වයංරැකියා උපකරණ 300ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට පරිත්‍යාග කිරීම සිදු කෙරේ. ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඥාන හිමියන්ගේ හා ශ්‍රී ලංකාවේ ලුංහුවා ආයතනයේ සංවිධානයෙන් මේ කටයුතු සිදු කෙරේ.

Comments