හැම මොහොතකදීම ක්‍රියාත්මක වන පාලක ග්‍රහයෝ | Page 2 | සිළුමිණ

හැම මොහොතකදීම ක්‍රියාත්මක වන පාලක ග්‍රහයෝ

පාලක ග්‍රහයන් කණ්ඩායමක් හැම මොහාතකදීම ක්‍රියාත්මක වෙයි. ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්දරයක යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් විමසීමක් කරනු ලබන අවස්ථාවකදී මතු වන පාලක ග්‍රහයන් අදාළ විෂය ආරම්භය සිදු වූ අවස්ථාවේදී ද ඒ අතරතුර සෑම අවස්ථාවකදීම සහ එහි අවසන් ක්‍රියාකාරීත්වය ඇතිවන විටදී ද මතු වන්නේය.

මේ ක්‍රිස්තු වර්ෂ 2022 මාර්තු මාසයේ 05 වැනි රවි දින පස්වරු 05.00ට නැඟෙනහිර දේශාංශ 80˚30‘ සහ උත්තර අක්‍ෂාංශ 07˚07‘ ස්ථානයේදී සකස්කර ඇති තත්කාල කේන්දරයයි.

ලග්න ස්ඵූඨය මකර 27˚33’41” ශනි, කුජ, ගුරු. 
සඳූගේ ස්ඵූඨය මීන 18˚28’38” ගුරු, බුධ, බුධ. 

ග්‍රහයා තැන්පත් භාවය රාශිය අධිපති නක්‍ෂත්‍රය අධිපති උපස්ථානය අධිපති

මුලින්ම අප යොදා ගන්නා ලද්දේ පාලක ග්‍රහයන් පස් දෙනෙකු පමණි. එහෙත් පසු කාලවලදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුගාමිකයන් විසින් තවත් ග්‍රහයන් දෙදෙනෙකුද පාලක ග්‍රහයන් ලෙස ඇතුළත් කර ඇත. මේ දෙදෙනා පිළිවෙළින් සඳු ග්‍රහයා සිටි උපස්ථානය අධිපති ග්‍රහයා සහ ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා ද වෙති. ඒ අනුව දැන් පාලක ග්‍රහයන් 7 දෙනෙකු යොදා ගනිති.

පාලක ග්‍රහයන් 7 දෙනා මෙසේ වෙති. 

1. දිනය අධිපති ග්‍රහයා ශනි,

2. සඳු ග්‍රහයා සිටි රාශිය අධිපති ග්‍රහයා ගුරු,

3. සඳු ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා බුධ,

1. සඳු ග්‍රහයා සිටි උපස්ථානය අධිපති ග්‍රහයා බුධ,

4. ලග්නය අධිපති ග්‍රහයා ශනි,

5. ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා කුජ සහ

1. ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා ගුරු,

මෙම පාලක ග්‍රහයන් අතරෙන් ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා වඩා බලවත්ම ග්‍රහයා වන බව සඳහන් කර ඇත. එවිට මොවුන් අතරින් බලවත්ම පාලක ග්‍රහයා වන්නේ ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති වන කුජ ග්‍රහයාය. ගුරු ග්‍රහයා මෙහි දෙවරක්ම මතුවී ඇති හෙයින් වඩාත් බලවත් වී ඇත. ඊළඟට දෙවරක් මතුවී ඇති බුධ ග්‍රහයා බලවත්ය. එවිට මෙම අවස්ථාවේදී පාලක ග්‍රහයන් 4 දෙනෙකු ලැබී ඇත.

මේ අනුව කුජ, ගුරු, බුධ සහ ශනි යන ග්‍රහයන් තෝරා ගමු.

මෙම අවස්ථාවේ ඇති දශා ශේෂය බුධ ග්‍රහයාට අවුරුදු 14 මාස 08 දින 09කි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 2019 නොවැම්බර් මාසයේ 12 වැනි දින සිට 2036 නොවැම්බර් මාසයේ 12 වැනි දින දක්වා බුධ ග්‍රහයාගේ මහ දශාව පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2019 නොවැම්බර් මාසයේ 12 වැනි දින සිට 2022 අප්‍රේල් මාසයේ 10 වැනි දින දක්වා බුධ ග්‍රහයාගේ මහ දශාවේ බුධ ග්‍රහයාගේ භුක්තිය පවතියි. ක්‍රිස්තු වර්ෂ 2022 අප්‍රේල් මාසයේ 10 වැනි දින සිට 2023 අප්‍රේල් මාසයේ 07 වැනි දින දක්වා ග්‍රහයාගේ මහ දශාවේ කේතු ග්‍රහයාගේ භුක්තිය පවතියි. ක්‍රිස්තු වර්ෂ 2023 අප්‍රේල් මාසයේ 07 වැනි දින සිට 2026 පෙබරවාරි මාසයේ 05 වැනි දින දක්වා ග්‍රහයාගේ මහ දශාවේ සිකුරු ග්‍රහයාගේ භුක්තිය පවතියි. 

අප මෙම අවස්ථාවේදී එනම් ක්‍රිස්තු වර්ෂ 2022 මාර්තු මාසයේ 05 වැනි ශනි දින පස්වරු 05.00ට ආරම්භ කරන ලද කටයුත්තක අවසානය සිදුවන්නේ කවදාදැයි බලමු. ආරම්භ කරන අවස්ථාවේදී මතුවූ පාලක ග්‍රහයන් නැවතත් ක්‍රියාත්මක වන අවස්ථාවේදී එය සම්පූර්ණ කරයි.

එක් දිනක් තුළදී සිදුවන කටයුත්තක්නම් පාලක ග්‍රහයන් පාලනය කරන රාශි චක්‍රයේ සංවේදී ස්ථානවල ලග්නය ගමන් කරවන්න. එක් සතියක් තුළදී සිදුවන කටයුත්තක්නම් පාලක ග්‍රහයන් පාලනය කරන රාශි චක්‍රයේ සංවේදී ස්ථානවල සඳු ග්‍රහයා ගමන් කරවන්න.

දිගුකාලීන අවස්ථාවලදී දශාව භුක්තිය සහ අන්තරය වෙත අවධානය යොමු කරන්න. මුලින්ම දශාව සහ භුක්තිය තෝරාගෙන එම කාල සීමාව තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන කෙරෙහි අවධානය යොමුකර ඒ අනුව අන්තරය තෝරාගැනීම පහසුය.

ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදු වන්නේ එක් වසරකදී දළ වශයෙන් එක් රාශියක් තුළය. නිවේදක ග්‍රහයන් හිමි රාශියක් තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන කාල සීමාව තෝරාගෙන එම රාශිය තුළ නිවේදක ග්‍රහයන් හිමි නක්‍ෂත්‍රයක් තෝරාගන්න. එම රාශිය තුළ ග්‍රහයන් හිමි නක්‍ෂත්‍රයක් පිහිටා නැතිනම් ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන සිදුවන ඊළඟ රාශිය සහ නක්‍ෂත්‍රය තෝරාගන්න. ගුරු ග්‍රහයා එක් නක්‍ෂත්‍රයක් තුළ ගෝචර ගමන යාමට මාස හතරක පමණ කාලයක් ගත කරයි. මෙම කාලය තුළ රවි ග්‍රහයාගේ රාශි ගෝචර ගමන බලා මාසයක කාලයක් ද නක්‍ෂත්‍රයක ගෝචර ගමන බලා දෙසතියක කාලයක් ද තෝරාගන්න. ඊළඟට සඳු ග්‍රහයාගේ ගෝචර ගමන බලා එක් දිනක් තෝරා ගන්න. දැන් පවතින දශා කාලය හිමි බුධ ග්‍රහයා බලවත් පාලක ග්‍රහයෙකි. ඒ නිසා බුධ ග්‍රහයාගේ දශා කාල සීමාව තුළ නිවේදක ග්‍රහයන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට බලාපොරොත්තුව ඉටු වෙයි.

මෙම කාල සීමාව තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න.

Comments