සුබ සාධන දීමනා මේ සිකුරාදා සිට නිකුත් කෙරේ | Page 2 | සිළුමිණ

සුබ සාධන දීමනා මේ සිකුරාදා සිට නිකුත් කෙරේ

ජූලි මාසයේ වැඩිහිටි දීමනාව, තැපැල් කාර්යාල මගින්ද, ආබාධිත සහ වකුගඩු දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද, ලබන සිකුරාදා (25) සිට ලබාගත හැකි බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි

අමාත්‍යවරයා ටිව්ටර් සටහනක් තබමින් මෙම ප්‍රකාශය සිදු කර තිබෙයි

ජුලි මාසයට අදාළ වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 2,684ක මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය විසින් ලබා දී තිබේ.

Comments