HNB FINANCE නවතම ශාඛාවක් මහරගමට | Page 2 | සිළුමිණ

HNB FINANCE නවතම ශාඛාවක් මහරගමට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි 79 වන ශාඛාව මහරගම නගරයෙහි විවෘත කරන ලදි. නිරතුරුව වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරමින් සිය මූල්‍ය සේවාවන් දිවයින පුරා වෙ‍සෙන HNB FINANCE පාරිභෝගිකයින් වෙත ගෙන යෑමට සමාගම කටයුතු කර ඇත.

අභිනව HNB FINANCE මහරගම ශාඛාව අංක 17, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයෙහි පිහිටා ඇති අතර සමාගම මඟින් ලබාදෙන ලීසිං, ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය, ව්‍යාපාර අවශ්‍යතා අරමුණු කරගත් රන්ණය, ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් මහරගම ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත. HNB FINANCE මහරගම ශාඛාව නගර මධ්‍යයෙහි පිහිටා ඇති බැවින් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මෙම ස්ථානයට පැමිණ සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගතහැක. රන් ණය සඳහා මහරගම සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE මහරගම ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.

Comments