සිංහගිරි සමාගම සිය 51 වන සංවත්සරය සමරමින් රටේ අනාගතය වන පාසැල් දරුවන් වෙනුවෙන් සුවිශේෂී සමාජ සත්කාරක සේවාවක් පසුගියදා දියත් කරන ලදී.
මේ අනුව 2023 අගෝස්තු 11 වන දින තන්තිරිමලේ, මිල්ලෑව පාසලට සිසු දරුවන් වෙනුවෙන් පොත්පත්, සංගීත භාණ්ඩ, කබඩ් ඇතුළු පාසැලට අත්‍යවශ්‍යව පැවති භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිංහගිරි සමාගම නියෝජනය කරමින් අධ්‍යක්‍ෂිකා චතුරිකා ඔත්නපිටිය , මානව සම්පත් ප්‍රධානී අරවින්දන් , වැටුප් අංශ ප්‍රධානී රුවන් රත්නායක , සුබසාධක ප්‍රධානී හුසේන් මුසාෆර් මහතා, තොරතුරු තාක්‍ෂණ ප්‍රධානී ශානක ප්‍රනාන්දු ඇතුලු ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සමග කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගි විය.
එමෙන්ම මෙම අවස්ථාව සඳහා මිල්ලෑව පාසැල නියෝජනය කරමින් විදුහල්පතිවරයා ඇතුළු ගුරුභවතුන් පිරිසක් සහභාගි විය. සිංහගිරි සමාගමේ අතීතය පිළිබඳ සඳහන් කිරීමේ දී 1972 වසරේ සීමාසහිත පෞද්ගලික ආයතනයක් බවට පරිවර්තනය වූ සිංහගිරි වෙළඳසැල අද වන විට පාරිභෝගිකයින් හොඳින් දන්නා හඳුනන සිංහගිරි (පුද්ගලික) සමාගම බවට පත් වී ඇත.