රුහුණු විශ්වවිද්‍යාලයීය AIESEC සංවිධානය කරන YOUTH SPACE | Page 2 | සිළුමිණ

රුහුණු විශ්වවිද්‍යාලයීය AIESEC සංවිධානය කරන YOUTH SPACE

 

You tube අන්තර්ගත නිර්මාණය සහ ව්‍යවසායකත්වය පිළිබඳව මනුරංග විජේසේකර, අයෝමි විතානගේ සහ Magic Compas ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙහිදී දැනුම බෙදා දෙන ලදී.

වැඩසටහන් මාලාවේ සිව්වන දිනය එළිමහන් නායකත්ව පුහුණු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ අතර උද්යෝගිමත් තරුණ තරුණියන් දෙසියයකට අධික පිරිසක් ඊට සහභාගි විය.වැඩසටහන් මාලාවේ අවසාන දිනය රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවීන්ද්‍ර ජයවර්ධන , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ත ලියනගේ , ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා කථිකාචාර්ය කේ.එස්.ටී. හෙට්ටිආරච්චි මෙනෙවිය සහ ‍නව පරපුරේ ගායිකා හිරුෂි ජයසේනගේ සහභාගිත්වයෙන් විද්වත් මණ්‌ඩල සාකච්ඡාවක් ලෙස පැවැත්විය.Youth Space 3.0 වැඩමුළුව පන්සියයකට අධික තරුණ පිරිසකගේ අනාගත වෘත්තීය දිවියට අවශ්‍ය දැනුම් සම්භාරයක් ලබාදෙමින් අති සාර්ථක ලෙස අවසන් විය.

Comments