දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තයට DIMO TKE "Enta Villa" තුළින් නව මුහුණුවරක් | Page 2 | සිළුමිණ

දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තයට DIMO TKE "Enta Villa" තුළින් නව මුහුණුවරක්

DIMO, TKE වෙතින් ගෙන එන ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුත් “Enta Villa” තුළින් දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තය නව තලයකට ඔසවා තබයි.

සෝපාන සහ එස්කැලේටර් සඳහා ගෝලීය ප්‍රමුඛයා වන ජර්මනියේ TKE සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම බෙදාහරින්නා, සවිකරන්නා සහ සේවා සපයන්නා ලෙස 2018 දී DIMO පත් වූ අතර අද වන විට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක්ම සම්පූර්ණ කිරීමට DIMO සමත්වී ඇත. 2021 වසර සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ද TKE විසින් DIMO පිළිගැනීමට ලක් කරන ලදී.

DIMO විසින් නිම කරන ලද ප්‍රධාන ව්‍යාපෘති අතරට කොළඹ 09, කටුබැද්ද, බණ්ඩාරවෙල, මහනුවර පිහිටි Cargills සහ කුරුණෑගල පිහිටි Softlogic Mall වැනි සුපිරි වෙළෙඳසැල් ඇතුළත් වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා පරිගණක විද්‍යා පීඨය, කැලණිය සහ සබරගමුව විශ්වවිද්‍යාල වල තාක්ෂණ පීඨ සඳහා ද DIMO විසින් ව්‍යාපෘති සම්පූර්ණ කොට ඇත.

Comments