නොගැළපෙන ප්‍රේමයට බය නැතුව තිත තියන්න විවාහ වෙන්න ඔබ වෙනුවෙන් පමණක් | සිළුමිණ

නොගැළපෙන ප්‍රේමයට බය නැතුව තිත තියන්න විවාහ වෙන්න ඔබ වෙනුවෙන් පමණක්

ආසියාතික මිනිස්සු විදිහට අපි අපේ ජීවිතවල වැදගත්ම තීරණ ගන්න බොහෝ විට හැඟීම් දැනීම්වලට ලොකු ඉඩකඩක් දෙනවා. ප්‍රේමය කියන කාරණාවේදී ඕක ඕනවටත් වඩා සිද්ධ වෙනවා.

ප්‍රේමය සහ විවාහය කියන්නෙ එකිනෙකට වෙනස් වූ කාරණා දෙකක් බව තේරුම් ගන්න බැරි තරුණ පිරිස් විතරක් නෙමෙයි වැඩිහිටියොත් අපි අතර ඕන තරම් ඉන්නවා. ඒ වගේම සෑම ප්‍රේම කතාවක්ම විවාහයකින්ම කෙළවර විය යුතුයි කියල විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවා.

ලංකාව ඇතුළේ දිනකට ලියාපදිංචි වන කසාද සංඛ්‍යාවට වඩා තුන් ගුණයකට වඩා වැඩි පිරිසක් දිනකට දික්කසාද පෝලිමට එකතු වෙන්නත් ලොකු හේතුවක් වෙන්නේ ඔන්න ඔය වගකීමක් සහ වගවීමක් නැතුව කසාද ජීවිතවලට ඇතුළු වෙන එක තමයි.

එක එක අවස්ථානුකූලව ඇතිවෙන හැඟීම් දැනීම්වලට සහ තාවකාලික ආකර්ෂණයට වැඩි ඉඩක් දීලා පටන් ගන්න බොහෝ ප්‍රේම කතා ඒ හේතුව හෝ ආකර්ෂණයේ පරිමාව වෙනස් වුණ ගමන්ම හීන වෙලා වේළිලා යනවා. එහෙම පෙර තරම් ළෙංගතුකමක්, වුවමනාවක් හෝ තද බැඳීමක් නෑ කියල දැනෙන්න ගත්තම දෙපාර්ශ්වයම කතා බහ කරලා ඒ ප්‍රේම කතාවට ගැළපෙන අවසානයක් දීලා දෙන්නා දෙපැත්තට වෙනවා වෙනුවට රටේ ලෝකේ මිනිස්සු සතුටු කරන්න, පවුල් වල මිනිස්සු දන්සියල්ලන්ගේම ප්‍රථම ප්‍රේමය එකම ප්‍රේමය විය යුතු නැත. සෑම පෙම් කතාවක්ම විවාහය දක්වාම දුර යා යුතුද නැත.

අයෙකුට මිලදී ගන්න ප්‍රථම ලොතරයියෙන්ම දිනුමක් හිමි විය හැකිය.තවත් අයෙකුට 5 වැනි එකෙන් දිනුමක් හිමිවිය හැකි අතර, තවත් අයෙක්ට ජීවිත් කාලය පුරාවටම දිනුමක් හිමි නොවීමද සිදුවිය හැකිය. විවාහය සහ පෙම් සබඳතා ගැන කතාවද එසේමය.

තම මවුපියන්ට ඉතා හොඳ පුතෙකු, මිතුරන්ට ඉතා සුහද මිතුරෙකු, සමාජයට ගෞරවනීය මිනිසෙකු වූ පමණින්ම ඔහු විවාහයේදී ඔබට හොඳ සැමියෙකු නොවිය හැකිය. ඒ නිසා කෙනෙකු දුටු පමණින් ආශ්‍රයට විවාහය ගැන තීරණය ගැනීම අවදානම් විය හැකිය.

අයියෝ දැන් ප්‍රමාද වැඩියි. මේ සම්බන්ධෙ දුරදිග ගියා වැඩියි.

බැන්දහම ඕවා හරි යයි වැනි අසම්භාව්‍ය ක්‍රියා මත විස්වාසය තබා අවදානම් විවාහයකට වඩා, හදවත අමතක කර බුද්ධිය මෙහෙයවා ප්‍රේමය විවාහය අතර තීරණය ගත යුතුය.

ප්‍රේමයක් අහිමි වීමේ විරහ වේදනාව මාස කිහිපයකින් අවසන් වන අතර, නොගැළපෙන විවාහයක් නිසා උරුම වන දුක් සහිත ජීවිතය, මරණය තුරාවටම විඳවීමට කාරණාවක් වනු ඇත.

මවුපියන්, මිතුරන්, සමාජය, සියල්ලන් සතුටු කිරීමට ඔබ විවාහ විය යුතු නැත. ප්‍රයෝගිකව ජීවිතයට් මුහුණ දෙන්නේ ඔබ නිසා.

නොගැළපෙන විවාහයක් අතහැර දැමීමට මඟුල් දිනයට පෙරදා වුවද ප්‍රමාද නැත. මන්ද, සමාජයට ඔබ මාතෘකාවක් වන්නේ දින කිහිපයක් පමණි. අලුත් මාතෘකාවක් ආ සැනින් සමාජය ඔබේ කථාව අමතක කරයි.

ඒ නිසා නොගැළපෙන සම්බන්ධතාවලට තිත තැබීමට ඔබ බිය විය යුතු නැත.

ප්‍රමාදය පසුතැවීමට හේතු වන බව කිව්වද මෙහිදී පසුතැවීමට හේතු වන්නේ නොගැළපෙන සබඳතාවය අත හැරීමට වන ප්‍රමාදයයි.

කෙසේ හෝ විවාහයෙන් පසුව නොගැළපීම් අවබෝධ වුවහොත් සිදු වන්නේ, තෝරාගත හැකි විකල්ප ගණන එකක් දක්වා අඩු වීමය. එනම් කළ හැක්කේ දික්කසාදය පමණකි.

සමාජයට, මිතුරන්ට, අසල්වැසියන්ට ඔබේ අනාගතයේ විවාහයේ සතුට අදාළ වන්නේ ඉතා සුළු වශයෙනි. ඒ නිසා ඔබ වෙනුවෙන් පමණක් විවාහ වන්න.

හදිස්සියේ විවාහ වී නිවී සැනසිල්ලේ පසුතැවෙනාවාට වඩා, හදිසියේ අතහැර දමා නිවී සැනසිල්ලේ ඔබට සතුට ගෙන ආ හැකි නියම සුදුස්සා හොයා ගැනීම සුදුසුයි නේද?

ඒ නිසා නොගැළපෙන ප්‍රේමයට බය නැතුව තිත තියන්න.

Comments