කොළඹට පැය 18ක ජල කප්පාදුවක් | Page 14 | සිළුමිණ

කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (අගෝ.19) පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

 අගෝස්තු 19 සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා අලුයම 2 දක්වා ජල සැපයුම අත්හිටවනු ලැබේ.

එම කාලය තුළ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත යන ප්‍රදේශවලට සහ මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම මේ අනුව අත්හිටවනු ඇත.

Comments