
හිරුගේ ග්‍රහ මණ්ඩලයේ හිරු වටා ග්‍රහයන් පරිභ්‍රමණය වේ. රාහු කේතු ග්‍රහ වස්තු නොව ඡායා ග්‍රහයන්ය. සඳු පොළොව වටා පරිභ්‍රමණය වෙයි.
අඟහරු හා බ්‍රහස්පති හිරු වටා පරිභ්‍රමණය වෙයි. මෙම ග්‍රහයන්ගේ කක්ෂ දෙක අතර ග්‍රාහක කැබලි විශාල සංඛ්‍යාවක් හිරු වටා පරිභ්‍රමණය වෙයි. මෙම ග්‍රාහක කැබලි කොටස් කර නැකත් තාරකා ලෙස හඳුන්වයි. නැකත් තරු විසි හතකි. නැකත් තරුවල මාපකය සඳුය. සඳු සමඟ රේඛීයව පවතින නැකත එදින නැකත ලෙස සැලකෙයි.
මෙම නැකත් ලග්න රාශි මෙන්ම ජන්මියාට බලපායි. නව ග්‍රහයන් අතර එක් එක් ග්‍රහයාට නැකත් තුන බැගින් වන සේ නැකැත් බෙදා ඇත. කේතුට අස්විද, මා, මුල නැකත්ද සිකුරුට බෙරණ, පුවපල්, පුවසල නැකත්ද සඳුට රෙහෙණ, හත, සුවණ නැකත්ද අඟහරු හෙවත් කුජට මුවසිරස, සිත, දෙනට නැකැත්ද රාහුට අද, සා, සියාවස නැකැත් ද හිමිය.
බ්‍රහස්පති හෙවත් ගුරුට පුනාවස, විසා, පුවපුටුප නැකත්ද සෙනසුරු හෙවත් ශනිට පුෂ, අනුර, උත්‍රපුටුප නැකැත්ද බුධට අස්ලිස, දෙට, රේවත නැකත්ද රවිට කැති, උත්‍රපල්, උත්‍රසල නැකත් ද හිමි වේ.
මෙම නැකත් ජන්මීන්ට උපන් නැකත අනුව සුබ අසුබ ගෙන දෙයි. සුබ නැකත් සෑදීමේදී උපන් නැකතට අදාළ සාධක, ක්ෂේම සම්පත්, මෛත්‍රී හා පරම මෛත්‍රී නැකත් භාවිතාවට ගැනීම සුදුසුය. ඔබට හිමි නැකත ජන්ම පත්‍රයේ සඳහන් වේ. උපන් නැකත අනුව දිනයට ගැළපෙන නැකත සොයාගත හැකිය. දිනයට හිමි නැකත ලිත මඟින් දැනගන්න.
මේ සමඟ දැක්වෙන වගුව මඟින් ඔබේ උපන් නැකතට ගැළපෙන නැකත පැහැදිලිව සොයා බලා ගැනීමට පුළුවන.
දිනයට ගැළපෙන නැකැත සොයාගෙන ඒ ඇසුරින් සුදුසු නැකැත සාදා ගැනීමට කටයුතු කරන්න.