හෝමාගම ගින්න ගැන අලුත්ම තත්ත්වය | Page 4 | සිළුමිණ

හෝමාගම ගින්න ගැන අලුත්ම තත්ත්වය

හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පවත්වාගෙන යන රසායනික දියර කර්මාන්තශාලාවක ඇති වූ ගින්නෙන්  ප්‍රදේශය පුරා පැතිර ගිය  විෂ දුමාරයෙන්  ජල මූලාශ්‍ර වලට මුසු විය හැකි බැවින් ඒවා භාවිතා කරන අවට ජනතාව සැලකිලිමත් වන ලෙසත් දින කිහිපයක් යනතෙක් මුව ආවරණ පැළඳ දෛනික කටයුතු  වල නිරත වන ලෙසත් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බලධාරින් ජනතාව දැනුවත් කර මධ්‍යම පරිසර අධිකාරියේ හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් මේ බව කියා සිටියේ හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි රසායනික දියර ආනයනය කොට මෙරට බෙදාහරින කර්මාන්තශාලාවක (17) දා රාත්‍රී  ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් මීගස්මුල්ල මහතා කියා සිටියේ,

සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් අද (18) දින  අපේ නිලධාරී  කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා.

මේ ගින්න හටගෙන තිබෙන්නේ කෙමිලස් ගෙන්වා බෙදාහරින කර්මාන්ත ශාලාවක ගබඩාවකයි.  පසුව එය යාබද ගොඩනැගිල්ලකට ද පැතිර ගොස් ගින්න හට ගෙන තිබෙනවා.ඉන් ගොඩනැගිලි දෙකක් ගින්නෙන් විනාශ වෙලා. රසායනික දියර ගබඩාවේ ගින්නත් සමග අධික පිපුරුම් ශබ්දයක් ද පිටවෙලා තියෙනවා . පසුව දක්වා දැඩි දුමාරයක් පරිසරයට බැහැර වෙලා.

ඒ තුලින් වායු දූෂණයක් සිදුවිය හැකි නමුත් තත්ත්වය පාලනය වී තිබෙනවා. මේ තත්ත්වය මත ජල මූලාශ්‍ර භාවිතා කරන අවට ජනතාව සැලකිලිමත් වන ලෙසත් මුව ආවරණ පැළඳ දෛනික කටයුතු සිදුකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේම  මෙම කර්මාන්ත ශාලාව අයත් පාර්ශවයට ගබඩා දෙකක් හා කර්මාන්ත ශාලාවක් අයත්. ඉන් ගින්න හටගත් කර්මාන්ත ශාලාව මධ්‍යම පරිසර අධිකාරියේ  ලියාපදිංචි වී නැහැ. ඒ නිසා ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නෛතික පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමසිරි මහතා.

කෙමිකල් ගබඩා කළ ස්ථානයක ගින්නක් හටගෙන ඇති බවට අපිට වාර්තා වූ සැනින් අපේ නිලධාරී කණ්ඩායමක් නෙමෙයි එම ස්ථානයට ආවා.

ඊට හේතු උනේ මේ විදියේ කෙමිකල් ගබඩා කළ ස්ථානයක ගින්නක් හටගත්තාම නියත වශයෙන් වායු පරිසරයට බැහැර වෙනව. එලෙස බැහැර වූ විෂ වායු අවට පරිසරයට අහිතකර මට්ටමක පවතිනවා ද යන්න පරික්ෂා කිරීමයි අපි කරන්නේ.

ඒ අනුව අපේ නිලධාරීන් සිද්ධිය වී පැය දෙකක් ඇතුළත පැමිණ පරීක්ෂණ ආරම්භ කළා නමුත් කාරක සහිත විෂ වායුවක්  සැලකිය යුතු මට්ටමකින් පරිසරයට මුදාහැර නොමැති බවටයි අපට වාර්තා වී තිබෙන්නේ. ගින්න නිවී මත් සමග එම විෂ වායු සම්පූර්ණයෙන්ම පහව යනු ඇති.

පවතින තත්වය යථා තත්ත්වයට පත් වන තෙක් අවට ජනතාව මුව ආවරණ පැළඳ සැලකිලිමත්ව දෛනික කටයුතු වල නිරත වන ලෙසටයි ඉල්ලා සිටින්නේ

මීට අමතරව මෙවන් සිදුවීමක් වාර්තා වූ සැනින් ඒ නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණීම සාමාන්‍ය දෙයක්. නමුත් එහි භයානක තත්වය ගැඹුරුයි.ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් සිදුවීම් නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙසටයි.

මීට අමතරව නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා රසායනික ජීව විද්‍යා විකිරණශීලී න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්වීමේ රෙජිමේන්තු නිලධාරීන් දපැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර  රස පරීක්ෂක නිලධාරීන් පැමිණ අද (18)  පරීක්ෂණ ආරම්භ කළ බවත් එහි වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.පී.එස් ජයමහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල මහතාගේ උපදෙස් මත  හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු  මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

Comments