නියඟය නිසා වගාහානි ප්‍රමාණය අක්කර 45,924 ඉක්මවයි | Page 3 | සිළුමිණ

නියඟය නිසා වගාහානි ප්‍රමාණය අක්කර 45,924 ඉක්මවයි

2023 යල කන්නයේ අද (18) වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබා දී තිබේ.
 
ගත වූ පැය විසිහතර තුළ වී, මිරිස්, බඩඉරිගු, ලොකු ලූණු හා අර්තාපල්  ඇතුළු අනෙකුත් බෝග සම්බන්ධව සිදුවූ වගා හානි නියඟය, වනඅලි,  නිසා සිදුව ඇති බව වාර්තා කරයි.
 
කෙසේ වුවද අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924.21 දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527 දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718 කි. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙනි.  එය අක්කර 14,667.75කි.
 
මේ අතර වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340කි. උඩවලවේ කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්‍රමාණය 5867කි.
 
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (17) ගාල්ලේ  පැවැති උත්සවයක දී ප්‍රකාශ කළේ මෙතෙක් අප රටේ ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ ගෙවීමට රජයට සිදුවී ඇති බවයි. 

Comments