අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපති ශ්‍රී ලංකාවට | Page 2 | සිළුමිණ

අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපති ශ්‍රී ලංකාවට

අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපති නතානියල් සී ෆික් මහතා ඉදිරි සතියේ ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 
 
ඒ අනුව තානාපතිවරයා ලබන 20 වැනිදා සිට 23වැනිදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බව තහවුරු කර තිබේ.
 
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට නියමිතය. 
 
අගෝස්තු 23 වන දින දක්වා මෙරට රැඳී සිටින ඔහු තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් නිදහස පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
 
අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ බැංග්ලෝර්හි පැවැත්වෙන ජි-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමට සහභාගී වීමට නියමිතය. 
 
එහි අමෙරිකානු ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේද ඔහුය. නතානියල් සී ෆික් අද දිනයේ සිට ලබන 20 වන දින දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වේ.

Comments