ව්‍යාජ හා කූට ව්‍යාපාර ගැන HIVE ENERGY පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි | Page 3 | සිළුමිණ

ව්‍යාජ හා කූට ව්‍යාපාර ගැන HIVE ENERGY පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි

Hive Energy එක්සත් රාජධානියේ ස්ථාපිත Hive Energy ගෝලීය පුනර්ජනනීය බලශක්ති ව්‍යවසායකි. Hive Energy විසින් එහි ආයතනික සන්නාමය සහ ලාංඡනය අනුකරණය කරමින් පුද්ගලයන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයන් රැවටීම පිළිබඳව හෙළිදරව් කරගෙන තිබේ.

Hive Energy සමාගම සතුව ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාර නොමැති අතර, Hive Energy යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් වංචනිකයන් විසින් පිහිටුවා ඇති ව්‍යාජ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව අපගේ අවධානය යොමු වී ඇත.

අන්තර්ජාලයෙහි කඩතුරාවන්ට මුවා වී ක්‍රියාත්මක වන මෙම පුද්ගලයන් Hive Energy හි ලාංඡනය සහ සන්නාමය අනිසි ලෙස භාවිත කරමින් එහි ආයතනික තොරතුරු පරිහරණය කරමින් අයථා ආයෝජන ක්‍රමයක් ප්‍රවර්ධනය කරන බවට අනාවරණය වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියා සඳහා Hive Energy හි ලාංඡනය අනිසි ලෙස භාවිත කරන යෙදවුමක් (Application) නිර්මාණය කර තිබේ. ඊට මුදල් ආයෝජනය සඳහා පෙලඹීමක් ඇති ‍ කරවන, පෞද්ගලික මූල්‍ය තොරතුරු බෙදා ගැනීමට අනුබල දෙන ආකාරයෙන් රූප සටහන් ඇතුළත් කර, ශ්‍රී ලංකාවේ Hive Energy ව්‍යාපාර කරගෙන යන බව ඇඟවීම සඳහා ව්‍යාජව සැකසූ සමාගම් ලියාපදිංචි ලේඛනවල ඡායාරූප ද ඇතුළත් කොට බෙදා හැර ඇති බවට අනාවරණය වෙයි.

Hive Energy මූල්‍ය වංචා සඳහා වංක සහ නීති විරෝධී ලෙස තම සන්නාමය, ලාංඡනය සහ ඒ ආශ්‍රිත තොරතුරු, භාවිත කිරීම හෙළා දකින අතර, තම සමාගම ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යාපාරයක් නොකරන බවටත් අවධාරණය කරයි.

 

Comments