
ජනවාරි සිට ජූනි මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 13ක දඩ මුදලක් අය කරගන්නට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සිළුමිණට පැවැසීය.
එම මාස 6 තුළ වැටලීම් 13,493ක් සිදු කරන ලද අතර නඩු පැවරීමෙන් රු.13,26,75,400/- ක මුදලක් වැරදිකරුවන් හට දඩ නියම කරන්නට හැකිව තිබේ. එමෙන්ම ජූනි මාසය තුළ පමණක් වැටලීම් 2,411ක් සිදුකර ඇති අතර නඩු පැවරීම්වලින් වරදකරුවන් ගෙන් රුපියල් 2,36,41,000/ක මුදලක් අය කර ගන්නට හැකිව තිබේ. පසුගිය ජූලි මාසය තුළත් සිදුකළ මහා පරිමාණ වැටලීම් ගණන 18කි.