පිපාසාව නිවා ගැනීම | Page 14 | සිළුමිණ

පිපාසාව නිවා ගැනීම

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇත්තේ ඉතා වියළි කාලගුණයකි. ඉකුත් සිකුරාදා දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සටහන් වූයේ සෙල්සියස් අංශක 37.8කි. එය පොලොන්නරුවෙනි. නියඟයෙන් මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පීඩා විඳින සංඛ්‍යාව 69,113කි. අධික රස්නයට ගොදුරු වූ පළාත් අතර බස්නාහිර වේ. මේ සේයාරුවෙන් දැක්වෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කරත්තයකින් තැඹිලි මිල දී ගෙන පිපාසාව නිවා ගන්නා පිරිසකි. තැඹිලි ගෙඩියක මිල රුපියල් 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(ඡායාරූපය-විමල් කරුණාතිලක)

Comments