සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - යහපත් සතියකි

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. මාපිය දූදරු සබඳතා වැඩි සෙනෙහසකින් වර්ධනය කෙරෙන, එකට එක්ව පුණ්‍ය කටයුතු සිදු කෙරෙන සහ නිවෙස් අලුත්වැඩියා කරන සතියකි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ලබන ඇවිදිලි සහිත දින කීපයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සතුටුදායකය. 6 වැන්නේ සඳු ගමන් කිරීම නිසා අපල අනතුරු අසනීප ගතිද පෙන්වයි. කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට ලේ දන්දීම, ලේ දෝෂ ඇති අයට උදවු කිරීම යහපති.

සුබ අංක - 5,8, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා

-----------------

වෘෂභ - දූ දරුවන්ගේ ජයග්‍රහණ

සඳු ගමන් ආරම්භ කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. පවුලේ සාමාජිකයන්ගේ එකමුතුව වැඩි දියුණුව සමගිය බල පවත්වයි. රැකියා සඳහා ඇවිදිලි වැඩ අධික ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ සහජ කුසලතා ඔප් නැංවෙන බව පෙනේ. ලැබීම් සහිතය. ආර්ථිකය ශක්තිමත්ය. පුණ්‍ය කටයුතුවල නියැළීමක් සිදුවේ. උසස් අධ්‍යාපනය හදාරණ දරුවන්ට ජයග්‍රාහී ලෙස විභාගවලට මුහුණ දීමේ අවස්ථාව උදා කෙරේ. අපල අවම කර ගැනීමට වකුගඩු, පිළිකා රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක - 6, 8, සුබ වර්ණ - රෝස, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, බදාදා

---------------

මිථුන - අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 2, 3 , 4 යන භාවයන් හරහාය. ඔබගේ වචනයට අන්‍යයන්ගේ අවධානය යොමු වන තර්ක විතර්කවලින් දිනන සහ අතමිට සරු කාලයක්ද වේ. සහජ දක්ෂතා ඔප් නැන්වේ. පවුලේ අයගේ සමගිය වර්ධනය වන අතර පදිංචි ස්ථානයේ දියුණුව නිවහන තුළ අලුත් විදියේ වෙනස්කම් සහ පිළිවෙළ සකසන දින කීපයකි. රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. අපල අවම කර ගැනීමට ඉවසීමෙන් කටයුතු කරන්න. මානසික රෝගීන්ට උදවු උපකාර කරන්න.

සුබ අංක - 5, 8, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

-------------------------

කටක - ප්‍රසිද්ධිය කීර්තිය ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න තුන්වැන්න යන භාවයන් හරහාය. ඔබගේ ප්‍රසිද්ධිය කීර්තිය ගෞරවය ඇතිවන සාමාජයී කටයුතුවල නිරත වන සතියකි. ව්‍යාපාර දියුණුව ලබයි. නවක මිතුරු ඇසුරක් ලැබේ. රැකියාවේ වෙනස්කම් ඇති ආර්ථික අපහසුතා මඟ හැරී යන දින කීපයකි. පුණ්‍ය කටයුතුවල නිරත වීම් පෙන්නුම් කරයි. අපල අවම වීමට කුඩා දරුවන් සිටින පවුලකට උපකාර කරන්න. දරුවන් රැක බලා දෙන්න.

සුබ අංක - 2, 8, සුබ වර්ණ - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා

--------------------

සිංහ - ආර්ථිකය ශක්තිමත්

සඳු ගමන් ගන්නේ 12 ලග්නය සහ දෙවැන්න මතිනි. ආරම්භය තරමක් ගැටලු සහගත විය හැකිය. දුර බැහැර වන්දනා ගමන් ආදියට සහභාගී වෙයි. විදේශගතව සිටින මිතුරන්ගෙන් උපකාර මෙන්ම තමන්ට විදේශගත වීම් යෙදෙන්නට ඉඩකඩ ඇත. රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත් වෙයි. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උදවු උපකාර කරන්න.

සුබ අංක - 4, 8, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාද

-------------------

කන්‍යා - ලැබීම් සහිතය

සඳු ගමන් කරන්නේ 11, 12 ලග්න හරහාය. ආරම්භය සතුටුදායකය. අතමිට සරු වන ඥාති හිතමිතුරන්ගෙන් උදවු උපකාර ලබන දින කීපයකි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති කරයි. තමන් සමාජීය පිළිගැනීමකට ලක්වන අතර වෙළෙඳ ව්‍යාපාර ආදිය දියුණුවට පමුණුවයි. උණ රෝග නිතර සෑදිය හැකිය. අපල අවම වීමට පිළිකා රෝගීනට උපකාර කරන්න.

සුබ අංක - 7, 8, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

---------------------

තුලා - රැකියා සම්බන්ධ සුබ පල

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් හරහාය. රැකියා සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් පෙන්වයි. ඥාති හිතවත් අයගෙන් මෙන්ම වෙනත් ලැබීම්ද දක්නට ඇති කරයි. ගෙදර දොර පිළිවෙළකට තබා ගැනීමට වෙහෙසෙයි. ජලය සම්බන්ධ කරගෙන කරන රැකියා සහ කෘෂිකර්මාන්ත දියුණු වෙයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සපල වේ.අපල අඩු කර ගැනීමට වකුගඩු රෝගීන්ට පිහිට වන්න.

සුබ අංකය - 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, බදාදා

------------------

වෘශ්චික - පුණ්‍ය කටයුතු සිදු කරයි

සඳු ගමන් කරන්නේ 9, 10,11 යන භාවයන් හරහාය. පුණ්‍ය කටයුතුවලට මුල් තැනක් දෙමින් ආරම්භ කරන සතිය සුබ පල ගෙන දෙයි. සහෝදර උපකාර දෙමාපිය සහයෝගය ලැබෙමින් ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු කරගැනීමට අවශ්‍ය කරන දැනුම මතක ශක්තිය ගොඩ නැ‌ෙඟයි. අපල අවම වීමට ශල්‍යකර්මවලට බඳුන් වු රෝගිනට උපකාර කරන්න.

සුබ අංක - 5, 8, සුබ වර්ණ - රතු, සුබ දවස් - අඟහරුවාද, ඉරිදා

-----------------

ධනු - උසස් අධ්‍යාපනික ජයග්‍රහණ

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භයේදී කනගාටුදායක අවස්ථාවන් සැලවෙයි. ඒවාට සහභාගි වීමට සිදු වෙයි. ඉන්පසුව තම කුසල විපාක ඉස්මතු කරමින් පින් දහම් කටයුතුවල නියැළීමට ඉඩකඩ සැලසෙයි. රැකියා ව්‍යාපාර දියුණු තත්ත්වයක් පෙන්වන අතර දරුවන්ගේ උසස් අධ්‍යාපනික කටයුතු ජයග්‍රාහි ලෙස වර්ධනය වෙයි. නව නිවාස හෝ පදිංචි ස්ථානය වෙනසක් ගැන සිතයි. අපල අවම වීමට සුබසාධන කටයුතුවල නියැළෙන්න.

සුබ අංක - 6, 8, සුබ වර්ණ - කහ, සුබ දවස් - බදාදා

-----------------------

මකර - පවුල් දිවියේ සතුට

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතු සාමාජීය කටයුතු සිදු කෙරෙන මේ සතියේ යුග ජීවිතය හොඳින් ගත කරයි. සතියේ වැඩි කාලයක් පුණ්‍ය කටයුතු වෙනුවෙන් කැප කරයි. සාමාජීය සුබසාධනයට ඉවහල් වන පොදු කටයුතු සිදු කිරීම වෙනුවෙන් කීර්තියක් අත්කර දෙයි. නමට ගෞරවාන්විත බවක් එක්කර දෙනු ලබයි. සහෝදර උපකාර හිමි වේ. අසනීප අපල තත්ත්වයක් පවතී. අපල අවම වීම සඳහා අසරණ අයට පිහිට වන්න.

සුබ අංක - 8, 9, සුබ වර්ණ - නිල්, සුබ දවස් - සෙනසුරාදා, සිකුරාදා

--------------------

කුම්භ - මිශ්‍ර පල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. ව්‍යාපාර කටයුතු පල දරන සමාජීය වැඩ කටයුතුවලට දායකත්වයක් සපයන ඒවායින් කීර්තිය අත්වන සතියකි. චිත්ත පීඩා, සිත් තැවුල් ඇති විය හැකි අතර ඒවා මැඬගෙන ධෛර්යයෙන් ක්‍රියා කරයි. හිතවත් අයගේ දුක්වලට උදවු උපකාර කරන්නට සිදු වේ. අපල අවම වීමට චිත්ත සමාධියක පිහිටා කටයුතු කරන්න.

සුබ අංක - 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

----------------------

මීන - දරුවන්ගේ කටයුතු සපල වේ

සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් වර්ධනය වන මතක ශක්තිය ඇති කරන සතියකි. ව්‍යාපාර කටයුතුවලින් ආදායම් සරු වේ. සමාජ හා පුණ්‍ය කටයුතුවලට ඔබට ආරාධනා ලැබේ. දරු පල, ආදරය සහ ප්‍රේමය යන කටයුතු පල දරයි. අසනීප අපල අනතුරුවලට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න.අපල අවම වීමට බෝ පත්‍ර අතින් අහුලා දමා බෝධියට සත්කාර කරන්න.

සුබ අංක - 3, 8, සුබ වර්ණ - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

 

 

Comments