![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/06/Ali%20Sabry%20to%20visit%20Iran.jpg?itok=Gw1TjE0f)
ඉරානයේ ටෙහෙරාන් හි නිල චාරිකාවක නිරතව සිටින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෙනසුරාදා ඉරාන විදේශ අමාත්‍යාංශයේදී ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා හමුවිය.
දෙරට අතර ද්විපාර්ශ්වික අන්තර්ක්‍රියා පුළුල් කිරීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව ඔවුන් එහිදී සාකච්ඡා කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යවරයා, අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී කියා සිටියේ දෙපාර්ශවය ආර්ථික සහයෝගීතාව, වෙළෙඳ සහ සංචාරක සංවර්ධනය සහ කලාපීය සහ ජාත්‍යන්තර සංවිධානවල සහයෝගීතාව වැඩි කිරීම ඇතුළු ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු රාශියක් සාකච්ඡා කළ බවයි. .
සංස්කෘතික, සංචාරක, විද්‍යාත්මක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙපාර්ශවය පොදු දේශපාලන කැමැත්තක් භුක්ති විඳින බව ඔහු පැවසීය.
“අපි දෙරට අතර මීට පෙර අත්සන් කරන ලද ලේඛනවල නවතම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර ඉදිරියේදී තවත් ලේඛනවලට අත්සන් තැබීමේ ගිවිසුම් පිළිබඳව ද සාකච්ඡා කළෙමු,” යනුවනේ ඉරාන විදේශ අමාත්‍යවරයා එහි දී පවසා සිටියේය.
ඉරාන සහ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු අතර ආර්ථික, සංචාරක සහ බලශක්ති යන ක්ෂේත්රවල සහයෝගීතාවයට අමතරව තාක්ෂණික සහ ඉංජිනේරු සේවා, වෛද්‍ය සේවා සහ උපකරණ අපනයනය සහ නව තාක්ෂණයන් ද වේ.
අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් පවසන පරිදි ඉරාන සහ ශ්‍රී ලංකා සිරකරුවන්ගේ ප්රශ්නය පිළිබඳව ද සාකච්ඡා පවත්වා ඇත. පවතින ගිවිසුම් පදනම් කර ගනිමින් දෙරටේ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මානුෂීය අයුරින් ඉදිරි කාලය තුළ කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ විය.
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනිස් ජාවාරමට එරෙහි සටන සහ අනෙකුත් ජාවාරම් ගැටළු සහ වෙළඳ සබඳතා ක්ෂේත්රයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවය අවධාණය යොමු කර තිබේ.
ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතාගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අගෝස්තු 04 සිට 07 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරතවේ.
මෙම සංචාරයේදී අමාත්‍යවරයා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි මහතා හමුවීමට නියමිත අතර රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී දෙරට අතර සමීප සබඳතා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
අමාත්‍ය සබ්රි ඉරානයේ දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේදී දේශනයක් ද පැවැත්වීමට නියමිතය.