සෝෂල් මීඩියා කොහේ බැලුවත් දින කිහිපයක් ම හුවමාරු වෙන්නේ කාවින්ද්‍යා දුල්ෂානිගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප හා වීඩියෝ. කෝටිපතියෙක් එක්ක විවාහ වෙලා විදෙස් ගත වෙන්න ඉන්නේ කියලා රාවයක් යන නිසා කාවින්ද්‍යාගේ අලුත් ජීවිතේ තොරතුරු ගැන මේ විදිහට රසඳුන එක්ක කතාබහට ඇයව එක් කර ගත්තා.
මේ දවස්වල සෝෂල් මීඩියාවල වැඩිපුර හුවමාරු වෙන්නේ කාවින්ද්‍යාගේ වෙඩින් එක ගැන, කොහොමද අලුත් ජීවිතේ, හිතපු තරම්ම සුන්දර ද..?
ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ බුද්ධික හමුවුණ දවසෙමයි. එදා ඉඳලා මේ මොහොත වෙනකල් ඉතාම සතුටින් ජීවත් වෙනවා. විවාහ වුණු කාන්තාවක් හැටියට පවුල් දෙකක වගකීම් දැනෙන්න පටන් අරන් තියෙනවා. හිතුවටත් වඩා බුද්ධික එක්ක ගෙවන විවාහ ජීවිතේ සුන්දර යි කියන්න පුළුවන්.
බොහෝ දෙනෙක් කියනවා ඔබ විවාහ කර ගත්තේ කෝටිපතියෙක් කියලා ..?
මම ආදරේ කරන්න පටන් ගද්දී හා විවාහ වෙන්න ඕන කියලා තීරණය කරද්දී එයා කෝටීපතියෙක්ද සල්ලී තියෙනවද කියලා බැලුවේ නැහැ. මට ඕන වුණේ මට ආදරේ කරන, ආදරේ කරන්න කෙනෙක්. එයා ආදරේ පැත්තෙන් මට කෝටිපතියෙක් නිසා මගේ ජීවිතේ එයා ළඟ තියන්න පුළුවන් වුණා.
මමත් සෝෂල් මීඩියා වල එහෙම ශෙයාර් වෙනවා දැක්කා. ඒත් මට කියන්න තියෙන්නේ ආදරේ දි එයා මට කෝටිපතියෙක් තමයි කියලයි.
ඔහු යුරෝපීය රටක ජීවත් වෙන කෙනෙක්, නිළිකම අත හැරලා ඔබත් විදෙස් ගත වෙනවද..?
එයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ . මටත් ළඟඳීම එයත් එක්ක යන්න වෙයි. අපි දෙන්නම කැමති නැහැ විවාහ වෙලා දෙපැත්තක ජීවත් වෙන්න . ඒ නිසා මම බොහෝ ම ඉක්මනින් එයා ළඟට යනවා. නමුත් මම කලාවෙන් සියයට සියයක් ඈත් වෙලා ඉන්නේ නැහැ. එයත් කැමති නැහැ මම කලාවෙන් ඉවත් වෙනවට. ඔස්ට්‍රේලියා ගියත් ලංකාවට ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ
නිළියක් වුණාට පස්සේ හීනයක් තිබ්බද යුරෝපීය රටක ජීවත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න ජනප්‍රියත්වය හේතුවක් කර ගන්න ..?
මට හීනයක් තිබ්බේ නැහැ මම විවාහ වෙන්නේ වෙන රටක ජීවත් වෙන කෙනෙක් එක්ක කියලා. ආදරේ දි එහෙම හීන තියාගන්න බැහැ. ආදරේ කරන කෙනාව හිතේ ඇඳිලා තියෙනවා. එතැනින් එහාට එයා මෙහෙම වෙන්න ඕන මෙහෙ ජීවත් වෙන්න ඕන ඕවගේ දේවල් හිතන්න අමාරුයි ආදරේ කරද්දී. දැක්කම හිතේ ඇතිවන සිතුවිල්ල තමයි ප්‍රබල වෙන්නේ. ජාතිය ආගම පාට පේන්නෙ නැහැ ආදරේදි. ඒ විදිහට හොඳම කාලෙදි හොඳම කෙනා මගේ ජීවිතේට ආවා. ආදරේ කළා විවාහ වුණා.
ඔහුව මුණගැහුණු ඒ සුන්දර අත්දැකීම් ගැනත් කියමු..?
එයා පද රචකයෙක්. ඒ වගේම නිෂ්පාදකවරයෙක්. එයා ලියපු ගීතයක මියුසික් වීඩියෝ එකට නිළිය හැටියට තෝරා ගත්තේ මාව. ඒ තෝරා ගැනීම පස්සෙ කතාවක් තියෙනවා. ඒක තමයි එයා ඊට අවුරුදු දෙකකට විතර කලින් මට කැමැත්තෙන් ඉඳල. එයා මාව ෆලෝ කරලා. ඒ කැමැත්ත නිසා තමයි මට ආරාධනා කරන්නේ එයා කරපු මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වෙන්න. ඒ කතාබහ තමයි ආදරයක් දක්වා දුරදිග ගියේ. අන්තිමට විවාහය දක්වා ඒ බැඳීම් අරන් ගියා.
නිළියක් කියලා දැනගෙන ඔහු ආදරේ ප්‍රකාශ කරද්දී ඔහු ගැන බයක් හිතුණේ නැද්ද ?
එයා මම රඟපාපු එක්තරා නාට්‍යයක මාව දැකලා තමයි මම ගැන ආදරයක් එයාට ඇති වෙන්නේ. නිළියක් කියලා දැනගෙන එයා ආදරේ ප්‍රකාශ කරද්දී මට බයක් දැනුණේ නැහැ. ඒකට හේතුව එයා එක්ක කතාබහ කරලා එයාව මුලින් අඳුරගත්ත නිසා. එයා ආදරේ කරන්නේ නිළියට නෙමෙයි මට කියලා තෙරුණා. ඒ නිසා බයක් හිතුණේ නැ.
කොහේ ගියත් පස්සෙන් එන අම්මට හොරෙන් කොහොමද ආදරේ හංග ගත්තේ..?
අම්මට නම් කොහෙත්ම ආදරේ හංගන්න උවමනාවක් තිබ්බෙ නැහැ. අම්මට හැංගි හොරා ආදරේ කරන්නත් බැහැ. බුද්ධික ආදරේ ප්‍රකාශ කළාට පස්සේ මම දවස් තුනකට පස්සේ එයාට කිව්වා මගේ අම්මට කතා කරන්න කියලා. එයා මට මුලින්ම කිව්වෙත් මම ගෙදරට කතා කරන්නම් නමුත් මට මුලින්ම ඔයාගේ කැමැත්ත දැනගෙන ඉන්න ඕන කියලා. ඉතිං ඒ විදිහට ආදරේ කරන්න පටන් ගනිද්දිම දෙමාපියන්ගේ ආශීර්වාද එක්ක තමයි ආදරේ කළේ.
මේකප් දාලා රූපවාහිනීයෙන් දැකපු ඔබව ඔහු මේකප් නොදා මුලින්ම දකිද්දි මොකද කිව්වේ..?
මාව දකින්නේ මුලින්ම මේකප් දාලනේ. මේකප් දාන්නේ නැතුව මුලින්ම මාව දකින්නේ එයා විඩියෝ කෝල් එකකින්. එදා එයා කිව්වා මම ටීවී එකෙන් දකිනවට වඩා බාල පෙනුමක් තියෙන්නේ කියලා. එයා කැමති මේකප් නොදා මාව දකින්න. ස්වාභාවික ලස්සනට එයා කැමති කිව්වා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම මේකප් නොදා ඉන්න කිව්වා.. විශේෂ වැඩක් නැති වෙලාවට මම මේකප් කරන්නේ නැහැ ඒ නිසා .
ප්‍රසිද්ධ අය බොහෝ දෙනෙකුගේ විවාහ ජීවිත සාර්ථක නැහැ කියලා සමාජ සම්මතය, ඔය හේතූ නිසා ඔහු කිව්වේ නැද්ද විවාහයත් එක්ක රංගනයට සමු දෙන්න කියලා ..?
ප්‍රසිද්ධ අය බොහෝ දෙනෙකුගේ ජීවිත සාර්ථක නැහැ කියන්න බැහැ. සාර්ථක විවාහ ජීවිත ගත කරන අය ඕන තරම් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙකුගේ පවුල් ජීවිත අසාර්ථක වෙද්දී ඒවා සමාජයට යනවා ඔවුන් ප්‍රසිද්ධ නිසා. ඔය ලේබල් එක හැමෝටම වැදෙන්නේ ඒ නිසයි. නමුත් සාමාන්‍ය ජීවිත ගත කරන ඇතැම් අයගේ පුද්ගලික ජීවිත අවුල් වුණාට ඒ කතා ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. එතැනයි ගැටලුව තියෙන්නේ. එහෙමයි කියලා මගේ සැමියා මට නිතිරීතී දාන්නේ නැහැ පවුල් ජීවිතේ රැක ගන්න ඕන නිසා කලාවෙන් ඉවත් වෙන්න කියලා. ඔහු කලාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා එයා මට අවස්ථාව දෙනවා තවදුරටත් කලාවේ යෙදෙන්න. ඒ වගේම මම තමයි තීරණය කළේ පවුල් ජීවිතේ අංක එක කරගෙන කලාව ඒ අතරතුර කරන්න හා දෙන්නා දෙපැත්තක ඉන්නේ නැතුව එක තැනක ජීවත් වෙන්න.
ඔබේ ප්‍රසිද්ධිය ඔහුගේ පැවැත්මට ඉත්තෙක් කරගත්තා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ..?
එහෙම දෙයක් මම හිතන්නේ නැහැ
කාවින්ද්‍යා කරන කියන දේ යූටියුබ් දාන්නේ ප්‍රසිද්ධිය පවත්වාගෙන යන්න ද..?
කාවින්ද්‍යා දුල්ශානි නමින් යූ ටියුබ් චැනල් දෙක තුනක් තිබ්බා. මගේ වීඩියෝ හෝ ෆොටෝ පාවිච්චි කරලා එක එක්කෙනා පවත්වාගෙන ගියා. මට හිතුණා කවුරුත් කරන්නේ ඇයි මගේ දේවල් පාවිච්චි කරලා ඒ නිසා මම මගේ යූ ටියුබ් චැනල් එකක් කරනව කියලා. ඒ විදිහට තමයි මම පටන් ගන්නේ. ඔව්, එක පැත්තකින් ඒක මගේ ප්‍රසිද්ධිය පවත්වාගෙන යන්න කරන දෙයක් කියන්න පුළුවන්. මට ආදරේ කරන පිරිස මම කරන කියන දේ දකින්න ආස ඇති. ඒ අය වෙනුවෙන් මේ දේ කරනවා. ඒ හේතුවෙන් ප්‍රසිද්ධිය පවත්වාගෙන යන්න පුළුවන් කියලා හිතනවා. ඒක වරදක් හැටියට මම දකින්නේ නැහැ .
අලුත් නිර්මාණ ගැනත් කියමු
කෝලං කුට්ටම ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඊට අමතරව අනිච්චාවත සංඛාරා නාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය වෙන්න නියමිතව තියෙනවා. මගේ පළමු සිනමා සිත්තමත් තිරගත වුණා. ඒ ගැනත් සතුටුයි. ප්‍රතිචාරත් හොඳයි.