ඩිජිටල් සාක්ෂරතාව 60% දක්වා ඉහළට | Page 2 | සිළුමිණ

ඩිජිටල් සාක්ෂරතාව 60% දක්වා ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාව 36%ක් සහ ඩිජිටල් සාක්ෂරතාව 60.%ක් බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ 2022 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වී ඇත. ඒ අනුව මෙරට

වයස අවුරුදු 5ත් - 69ත් අතර පුද්ගලයන් තිදෙනකුගෙන් එක් අයකුට පරිගණක සාක්ෂරතාව සහ එම වයස් කාණ්ඩයේ පුද්ගලයන් පස් දෙනකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව ඇති බවත් හෙළි වී ඇත. මෙරට පවුල්වලින් 21.9% කට ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් හිමි අතර, නාගරික පවුල්වල පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාව වැඩි අගයක් පෙන්නුම් කරයි. මෙම තොරතුරු හෙළි වී ඇත්තේ 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ නිවෙස් 25,750ක නියැදියක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයකිනි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

Comments