Keells වෙතින් නැවුම් නිෂ්පාදන | සිළුමිණ

Keells වෙතින් නැවුම් නිෂ්පාදන

පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ගුණාත්මක බවින් ඉහළ, නැවුම් නිෂ්පාදන ලබා දීම කීල්ස් හි ප්‍රමුඛතාවයක් වී ඇත. මේ සංකල්පය ආරම්භ වූයේ මීට දශක 3 කට පෙර, කීල්ස් ආයතනය ගොවීන් සමඟ සෘජුව සහයෝගයෙන් කටයුතු කිරීම ආරම්භ කිරීම සහ නැවුම් නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දීම සහතික කිරීම සඳහා එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමත් සමඟය.

පැය 24ක් ඇතුළත නැවුම් නිෂ්පාදන ගොවිපළෙන් කීල්ස් ශාඛාවලට ලබාදීම යන සංකල්පය ස්ථාපිත කරමින් එළවළු සහ පළතුරු වල නැවුම්බව පවත්වා ගැනීම සඳහා අදියර තුනකින් යුක්ත තත්ත්ව පරික්ෂාව, කීල්ස් පාරිභෝගිකයන්ට නැවුම් නිෂ්පාදන ලබාදීමේ ගමනේ තවදුරටත් ප්‍රගතියක් ලබාදීමට හේතු වූ කරුණකි.

කැරට් සහ අල සෝදන යන්ත්‍ර, නැවුම් නිෂ්පාදන ශාඛාවේ විකිණීම සඳහා තබාගත හැකි කාලය දැක්වෙන ක්‍රම (Date Life Code) වැනි ක්‍රියාවලීන් සඳහා ආයෝජනය කිරීම මඟින් කීල්ස් ශාඛාවල සිටින කණ්ඩායම් සාමාජිකයන් නැවුම් නිෂ්පාදනවල ආයු කාලය පිළිබඳ දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ. වර්ග අඩි 260,000ක පමණ ඉඩ පහසුකම් ඇති කෙරවලපිටියේ විවෘත කරන ලද නවීනතම බෙදා හැරීමේ මධ්‍යස්ථානය මඟින් නැවුම් නිෂ්පාදන සඳහා උෂ්ණත්ව පාලන සහිත ගබඩා පහසුකම් ඇති පරිසරයක් ද සකසා ඇත.

සනීපාරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ලංකාවේ ප්‍රථම වරට බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් තුළ නැවුම් නිෂ්පාදන අසුරන සියලුම කූඩ සේදීමට ස්වයංක්‍රීය කූඩ සෝදන යන්ත්‍රයක් ද එහි තිබීම තවත් සුවිශේෂී කරුණකි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් කුඩා වතු හිමියන්ගේ කෘෂිකාර්මික හවුල්කාරිත්ව වැඩසටහන (SAPP) සමඟ එක්ව කීල්ස් ගොවි මහත්ම මහත්මීන්ගේ තාක්ෂණය මෙන්ම ධාරිතාව වර්ධනය කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව ආරම්භ කරන ලද කීල්ස් 'ගොවි දිරි' ව්‍යාපෘතිය ඔස්සේ නැවුම් නිෂ්පාදනවල සැපයුම් දාමය ශක්තිමත් කරමින් තිරසාර දේශගුණය ඔරොත්තු දෙන නිෂ්පාදන සඳහා මෙන්ම නවීන තාක්‍ෂණය ඉහළ නැංවීම සඳහා ද ආයෝජනය කිරීමට කීල්ස් කැපවී සිටී.

 

Comments