ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පියවර දස දහසක් පෙරට | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පියවර දස දහසක් පෙරට

දේශයේ රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතර හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි ප්‍රධානතම සහ වටිනාම සම්පත වන අතර ඔවුන් ආයතනයේ අබිමානයද වේ.

2600 ක් පමණ වූ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයකින් සහ 8000 ට වැඩි අලෙවි බළකායකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, පොදු ආයතනික ආචාරධර්ම පද්ධතියක් මත ගොඩනැඟුනු ආයතනික සංස්කෘතියක් තුල ක්‍රියාත්මක වේග අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය, එකමුතු බව, වෘත්තීමය කැපවීම, නිවැරැදි ආචාරධර්ම සහ අවංක බව සහ නොනවතින විශිෂ්ටත්වය SLIC හි මුලික ආචාරධර්ම පද්ධතිය වේ. මෙම ආචාරධර්ම ආයතනයේ ඉහලම කළමණාකාරිත්වයෙන් ආරම්භ වී සෑම සේවක ස්ථරයක් කරා දිවෙන අතර එකී ආචාර ධර්ම කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාම තම එදිනෙදා කටයුතු වලදී නිරතුරුව අනුගමනය කරයි. විශේෂයෙන්ම මේ සඳහා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය විසින් නිරන්තරයෙන් ආදර්ශමත්ව කටයුතු කරමින් ආයතනයේ සෙසු සේවකයින් ද ඒ සඳහා දායක කරගනු ලබයි.

මෙම ආචාරධර්ම ආයතනයේ යහ පැවැත්මට පාදක වන අතර මානව සම්පත් කළමනාකරණයේදී මූලිකව පදනම් කර ගනු ලබයි. මේ තුළින් ධනාත්මක සහ අනාගත දැක්මක් සහිත සංස්කෘතියක් ඇති සේවා ස්ථානයක් බිහිවන අතරම එහි ප්‍රතිඵලයක් ලෙස කාර්ය මණ්ඩලය දිගු කාලීන සේවක තෘප්තියක් සහිත වැඩ පරිසරයක් නිර්මාණය වීමට ඉවහල් වේ. ආයතනය තුල විවිධත්වය, විශ්වාසය සහ සමානාත්මතාවය පවත්වා ගැනීම තුලින් සෑම සේවකයෙකුටම සමානව සැලකයි.

Comments