නවලෝක වෙතින් Family Care මධ්‍යස්ථානයක් | Page 2 | සිළුමිණ

නවලෝක වෙතින් Family Care මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය, ශ්‍රී ලාංෙක්ය පවුල් සංස්ථාව තව තවත් සවිබල ගැන්වීම උදෙසා මුළු පවුලටම සරිලන පරිදි සෞඛ්‍ය සේවා පැකේජ ලබා දීම වෙනුවෙන් කැපවෙයි.

දිවයිනේ අනෙකුත් රෝහල්වලින් වෙන්ව, නවලෝක රෝහල් සෑම පවුලකටම එක් පරිපූර්ණ සැලැස්මක් යටතේ ඒ ඒ පුද්ගලයාට ගැළපෙන පරිදි සත්කාර ලබා දෙන බව සහතික කරයි. එහිදී රෝග නිවාරණ, රෝග විනිශ්චය, විශේෂිත ප්‍රතිකාර සහ සුවතා වැඩසටහන් ඇතුළු පුළුල් පරාසයක සේවාවන් ඇතුළත් පුද්ගලාරෝපිත සෞඛ්‍ය සේවා පැකේජ රැසක් පිරිනමයි.

”ඔබගේ පවුලේ වෛද්‍යවරයා මෙන් ඔබ අසලම රැඳෙමින් ඔබට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා දීමට හැකිවීම පිළිබඳ අපි ආඩම්බර වෙනවා. රෝගය වැළැක්වීම, ප්‍රතිකාර කිරීම, පසු විපරම් කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ සිට මානසික සෞඛ්‍යය සහ නිදන්ගත රෝග ඇති රෝගීන් රැක බලා ගැනීම දක්වා අපි ඔබ වෙනුවෙන්ම කැප වෙනවා. මෙමඟින් රෝගියාට අවශ්‍ය සියලුම සෞඛ්‍ය පහසුකම් සහ ඔවුන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ඕනෑම වේලාවක ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.” යනුවෙන් නවලෝක රෝහල් සභාපති වෛද්‍ය ජයන්ත ධර්මදාස මහතා පවසයි.

මෙම දියත් කිරීමේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ රෝගියාගේ දොරකඩටම පැමිණ සෞඛ්‍ය සේවා සැපයිමයි. පවුල් මුහුණ දෙන හදිසි අවස්ථා, අභියෝග හෝ කාලසීමාවන් අවබෝධ කර ගනිමින්, රෝහල් වෙත නොගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම සඳහා නවලෝක සෞඛ්‍ය සේවා වෘත්තිකයින් රෝගීන්ගේ නිවෙස්වලට ගොස් සුව සේවාවන් සපයයි.මීට අමතරව, නවලෝක රෝහල් සමූහය රෝගීන්ගේ සත්කාර සහ ප්‍රවේශතා වැඩිදියුණු කිරීමේ තාක්ෂණයෙන් සවිබල ගැන්වී ඇත.

Comments