හිත ළඟ හිනැහුණා සහ “රාජිනි“ නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන ඇය දුලක්ෂි රාජපක්ෂ. ඇය උපන්නේ කුරුණෑගල. කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලය ඉගෙනුම ලැබූ දුලක්ෂි බොහෝ ක්ෂේත්‍රයන් හි නියැළී සිටින කෙනෙක්.
ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
පාසල් යන කාලේ සිටම අම්මගේ දන්නා හඳුනන නිර්මාණකරුවන්ගෙන් ආරාධනා ලැබුණා. නමුත් කලාවට සම්බන්ධ කරන්න ගෙදරින් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා පාසල් යන කාලේ රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි මම පාසල් යන කාලේදී හඬකැවීම් සහ නිවේදන කටයුතු කළා. පාසල් අතර තිබ්බ නාට්‍යය තරග වලින් ජයග්‍රහණය කරලා තියෙනවා. සමස්ත ලංකා තරග වලින් එක දිගටම පළමු ස්ථානය ලබා ගත්තා. ගුවන් විදුලි සංස්ථාවේ ළමා නිවේදිකාවක් විදියට වැඩසටහන් කළා. අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුළ තමයි රංගන ශිල්පිනියක් විදියට කටයුතු කරන්න පටන් ගත්තේ.
ඔබ පාසල් යන කාලේ කොහොම චරිතයක් ද?
මම අධ්‍යාපන කටයුතු එක්කම බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කරපු කෙනෙක්. මාධ්‍යය ඒකකයේ සහ නාට්‍යය තරග රැසකට ඉදිරිපත් වෙලා තියෙනවා. රංගනය පැත්තෙන් මගේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ උසස් පෙළ කරන අවුරුද්දේ ජනාධිපති කෙටි චිත්‍රපට සම්මාන උලෙළක් තිබ්බා මත්ද්‍රව්‍ය සහ මත්පැන් නිවාරණය අරමුණු කරගෙන. ඒකට අපි කරපු කෙටි චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සහ හොඳම නිළියට හිමි සම්මානය මට ලැබුණා.
ඔබ නිළියක් වෙන්නමද ආස කළේ
ඇත්තටම නැහැ. මම ආසාවෙන් හිටියේ ගුරුවරියක් වෙන්න. ඒක මම ඉෂ්ට කර ගත්තා. දැනටත් මම Lexicon පාසලේ සංගීත ගුරුවරිය ලෙස කටයුතු කරනවා. රංගනයට ඇරයුම් ලැබෙන්නේ මම සාමාන්‍යය පෙළ කරන කාලේ. ගෙදරින් කැමැත්තක් තිබ්බේ නැහැ වගේම මටත් ලොකු කැමැත්තක් තිබ්බේ නැති නිසා ඒ අවස්ථා මඟ හැරුණා. නැවත මම රංගනයට යොමු වීම අහඹු සිදුවීමක්. පළමු නාට්‍යයේ මට ලැබුණෙත් ගුරුවරියකගේ චරිතයක්. මම ආසයි එකම ක්ෂේත්‍රයක නියැළී ඉන්නවට වඩා විවිධ ක්ෂේත්‍ර අත්හදා බලන්න. ඒ නිසා රංගනයට ආව ඇරයුම භාර ගත්තා. ගුරුවරියකගේ චරිතයක් නිසා ගෙදරින් බොහොම අමාරුවෙන් කැමැත්ත ගත්තා. මම අද වෙනතුරු කිසිම චරිතයක් සඳහා ස්ක්‍රීන් ටෙස්ට් ගිහින් නැහැ.
පළමු රංගනය කළ නාට්‍යය මොකක් ද?
දෙරණ නාලිකාවේ විකාශය වූ “ඒ හීනය“ දැනට අවුරුද්දක් විතර වෙනවා.
කොහොමද ඒ අත්දැකීම සහ ලැබුණු ප්‍රතිචාර?
ගොඩක් සුන්දර අත්දැකීමක්. රංගනය ගැන ලොකු අත්දැකීමක් ගත්තා. ඒ නාට්‍යය විකාශය වෙන කාලය තුළ හොඳ ප්‍රතිචාර ලැබුවා. එතැනින් පටන් ගත්ත ගමන තමයි තවමත් මම මේ ඉන්නේ.
මේ වෙද්දී නිර්මාණ කීයක් කරලා තියෙනවද?
නිර්මාණ හයක් කරලා තියෙනවා. මේ නිර්මාණ වලින් ඒ හීනය, අට පාස්, දිවිතුරා හි මගේ කොටස් විකාශය වෙලා අවසන්. මේ දවස්වල විකාශය වෙනවා ප්‍රදීප් රංගන අධ්‍යක්ෂණය කරන “හිත ළඟ හිනැහුණා“ සහ තිලිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන “රාජිනි“ නාට්‍යය. ඒ වගේම නන්දන හේවාපන්න මහතා අධ්‍යක්ෂණය කරන ෆස්ට් & සෙකන්ඩ් කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ මම. එය ඉදිරියේදී තිරගත වෙයි.
රංගනයත් දැන් ඔබේ වෘත්තියක් ද?
රංගනය කියන දේ වෘත්තියක් විදියට සලකන්න මම කැමති නැහැ. රංගනය තුළින් යම් මුදලක් මම හොයනවා නමුත් වෘත්තිය කරගෙන නැහැ. රංගනයට මම ගොඩක් ආසයි සහ ආදරෙයි. මම වෘත්තීය විදියට ක්ෂේත්‍ර ගණනාවක නියැළෙනවා. පාසල් ගුරුවරියක් විදියට වසර 5ක් තිස්සේ කටයුතු කරනවා. ඒ එක්කම මගේ මියුසික් ඇකඩමි එකක් තියෙනවා. එය ආරම්භ කරලා වසර නවයක් වෙනවා.
ආදරේ ගැන මොකද හිතෙන්නේ?
මම ආදරේට මාරම ආදරෙයි. ගුරුවරියක් විදියට ගත්තම මට ආදරේ කරන සිසුන් පිරිසක් ඉන්නවා. ඒ අයටත් මම මගේම දරුවන්ට වගේ ආදරේ කරනවා. මගේ යාළුවො අතර හොඳ සහෝදරියක් විදියට ආදරේ ලබනවා. එහෙම නැතුව ආදර කතාවක් ගැන නම් මම කතා කරන්න කැමති නැහැ. මම පෙම්වතියක් නෙවෙයි.
ජීවිතේ වැඩියෙන්ම කැමති තනියම ඉන්න කියලා බොහෝ තැන්වල ඔබ කියනවා, ඇයි ඒ?
ජීවිතේ මට උරුම වුණු දේවල් තියෙනවා. ආදරේ ගැන සහ තනිකම ගැන කතා කරද්දී මට උරුම වුණු දෙයක් තමයි ඒ දේ. ඇත්තටම මගේ චරිතය ගත්තම මම කැමති මට ආදරේ කරන පිරිස එක්ක ඉන්න බව මාව ළඟින්ම ආශ්‍රය කරන අය දන්නවා. ගොඩක් මම හොයන දෙයක් තමයි විශ්වාසය සහ ආදරේ. ඒ දේ දැනුන අය එක්ක විතරයි මම ආශ්‍රය කරන්නේ. මම ආස තනියම ඉන්න නෙවෙයි නමුත් මට හිතෙන්නේ මට උරුම වෙලා තියෙන්නේ තනිකම.
හැමදාම තනියම ඉන්නද කල්පනාව
මමත් ආසයි ආදරේ කරන්න. මටත් තිබුණා පාසල් ප්‍රේමයක්. එතැනින් පස්සේ ප්‍රේම සම්බන්ධතාවකට ගිහින් නැහැ. මේ වෙද්දීත් අහන අය ඉන්නවා නමුත් ඒ අයට මගේ හිත ගිහින් නැහැ. ඒ නිසා වෙන්න ඇති තවම මම තනියම. හැමදේම අතින් මම පොහොසත් වුණත් ආදරේ කියන තැනදී මම දුප්පත්. ඒ මට උරුම දේ දෝ කියලා හිත හදන් ඉන්නේ.