මං තාම වාරු ගන්නේ ගීතය ලියන්නේ ගායනා කරන්නේ සමන්ත කෝනාර. සමන්තගෙ මුල්ම හා එකම ගීතය මෙයයි. මේ ගීතය වර්ෂ 2011 දි බිහි වී අතිශය ජනප්‍රිය වූ ගීතයක් බවට පත් වුණා . ඒ ගීතයත් එක්ක රසිකයින්ට අමතක වූ සමන්තව හා සමන්තගේ කටහඩ ගැන යළිත් කතා කරන්න පටන් අරගෙන. ඒ ඔහුගේ මේ ගීතය කවර් සෝංග්ස් ලෙස කොතරම් බිහි වුවත් රටම කතා කරන ගීතයක් බවට පත් වූයේ ජෙනී කිංස්ලීගේ හඩින් ගැයුනු නිසයි. නැරඹුම් වාර මිලියන තුනක් පසු කර ඇති ජෙනි ගෑයූ ගීතයේ සැබෑ හිමි කරුවා එක්ක ඒ නිසා ඒ ගැන කතා කළා. මේ සමන්ත ඒ ගැන අපට කියූ කතාවයි
සමන්ත ඇයි කාලයක් හැංගිලා හිටියේ, මේ යන රැල්ලට ගහගෙන යන්න අවශ්‍ය නැති නිසා ද..?
ඇත්තටම මම හැංගිලා හිටියේ නැහැ, නිර්මාණ කළේ නැහැ. මගේ පළමු ගීතය තමයි ගිම්හානයේ පාවෙලා ගීතය. මේ ගීතය 2011 වර්ෂයේ නිර්මාණ කරනවා. මට ඕන වුණේ ගීතයක් කරන්න විතරයි. ඉතිං ඒ විදිහට බිහි වුණු ගිම්හානයේ පාවෙලා ගීතය ඒ කාලේ වසර දෙක තුනක් අතිශය ජනප්‍රිය මට්ටමේ තිබුණු ගීතයක්. ආසාව ඉටු කර ගත්තට පස්සේ ආයේ නිර්මාණ කරන්න ඕන කියලා හිතුණේ නැහැ. නමුත් මම මේ කාලය පුරා අනිත් කලාකරුවන්ගේ ගීත රස වින්දා. එතැනදි මට හරියන පද හෝ සංගීත නිර්මාණ මට තිබ්බේ නැහැ නැවත ගීතයක් කරන්න. ඒකත් නිර්මාණ බිහි නොවෙන්න හේතුවක් වෙන්න ඇති
ඔබේ ඒ ගීතය මං තාම වාරු ගන්නේ නමින් යුවතියක් ගයා අතිශය ජනප්‍රිය වුණා, ඔබේ ගීතයක් කවර් සෝංග් එකක් විදිහට ගායනා කිරිම ගැන මොකද හිතන්නේ ..?
ජෙනී කිංස්ලී කියන දුවක් තමයි ඒ ගීතය කවර් එකක් විදිහට කළේ. ඊට කලින් කිහිප දෙනෙක්ම ඒ ගීතය කවර් එකක් හැටියට කළාට අතිශය ජනප්‍රිය වුණේ ජෙනීගේ හඬින් ගැයූ ගීතය. මුලින්ම මම ඒක දැක්කේ ටික් ටොක් එකෙන්. ඒ මොහොතේ ලොකු සතුටක් ඇති වුණා. ඇත්තටම කිව්වොත් ගිම්හානයේ පාවෙලා ගීතය නැවත පිබිදීමකට ලක් වුණා කියන්න පුළුවන. ගායකයෙක් හැටියට තමන්ගේ ගීතයක් තව කවුරු හෝ ගායනා කරනවා නම් ඒ තරම් සතුටක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ...
ඇය ඒ ගීතය කරන්න කලින් ඔබෙන් අවසර ඉල්ලුවාද..?
ගීතය ගායනා කරන්න කලින් මගෙන් අවසර ගත්තේ නැහැ, නමුත් ඇය ලස්සනට ගායනා කරලා තියෙනවා. ඒක එයාගේ ජීවිතේ ට අත්වැලක් වෙයි. ඒ නිසා මම ඇයට බාධා කරේ නැහැ. මේ ගීතය ලිව්වේ මම. සංගීතය රදිශ් වැද්දබෝනගේ. කොහොම නමුත් ඇය ගීතයට සාධාරණයක් කරලා තියෙනවා
නැරඹුම් වාර මිලියන තුනක් පසු කරමින් මෙච්චර ඇය ගැයූ ගීතය ජනප්‍රිය වෙද්දී හිතට දුකක් හෝ ඊර්ෂ්‍යාව ක් ඇති වුණේ නැහැ කියන්න බැහැ නේද?
තමන්ගේ ගීතයක් තව කෙනෙක් ගායනා කරනවා නම් ඒකට අකුල් හෙළන්න ගොඩක් අය උත්සාහ ගන්නවා. ඇසුණු සැණින් එය නවත්තන්න උත්සාහ ගන්නේ. නමුත් මම ඉන්නේ වෙනම අදහසක. දැවැන්ත ගායක ගායිකාවන්ගේ ගීත තියෙද්දී මගේ ගීතය මේ මට්ටම ට ආවා කියන්නේ ඒක කුසලයක් හැටියට යි මම දකින්නේ. මම අවංක ව ඒ දරුවට උදව් කළා. කිසිම දුකක් ක්‍රෝධයක් මගේ හිතට ඇති වුණේ නැහැ.
දැන් සමන්ත ගැන ආයෙමත් හොයන්න පටන් අරගෙන , ඇතැම් අය ප්‍රතිචාර දක්වලා තිබ්බා කවර් කොච්චර කරත් ඔරිජිනල් ගීතය ලඟින් තියන්න බැහැ කියලා ..?
මේ කවර් එක අහලා තිබ්බ බොහෝ දෙනෙක් කියලා තිබ්බා ඔරිජිනල් ගීතය ළඟින් තියන්නවත් බැහැ කියලා. තවත් සමහරු කියලා තිබ්බා එක එක හඬවල්වලින් රස විඳින්න ලැබෙන එක රසවත් කියලා. මමත් හිතනවා ගීතයක් එක එක හඬවල්වලින් ගැයෙද්දි වෙනස් රසයක් තියෙනවා කියලා. මට ප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තූතිය කියන්න ඕන ආයේමත් මාව මතක් වුණාට.
කොහොමද පුද්ගලික ජීවිතේ ..?
හොඳින් සතුටින් ජීවිතේ ගෙවනවා. මම කලාව රැකියාව විදිහට කරන කෙනෙක් නෙමෙයි. මම ව්‍යාපාර කටයුතු කරන්නේ . ඒ දේවල් එක්ක මේ දවස්වල සතුටින් ජීවත් වෙනවා. මගේ ජීවිතේට බිරිඳ හා දරුවෝ ගොඩක් උදව් කරනවා එයාලවත් මතක් කරන්න ඕන.
ඔබ කලින් සේවය කළේ නාවික හමුදාවේ..?
ඔව්. මම කලින් නාවික හමුදාවෙ තූර්ය වාදක කණ්ඩායමට එකතු වෙලා සේවය කළේ. ඊට පස්සේ විශේෂ යාත්‍රා බළගණයට ඇතුළත් වෙනවා. වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහත්මයා මට එතැනදි හරියට උදව් කළා මගේ දක්ෂතා හඳුනගෙන අදටත් උදව් කරනවා. ඊට අමතරව කපිතාන් චතුර ගමගේ මහතාව මතක් කරන්න ඕන. මම නාවික හමුදාවෙන් ඉවත් වුණා 2000 වර්ෂයේ.