සියක් නමකගේ පිණ්ඩපාත පින්කමක් | Page 13 | සිළුමිණ

සියක් නමකගේ පිණ්ඩපාත පින්කමක්

අගනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව වාර්ෂිකව සංවිධානය කරන සංඝයා වහන්සේලා සියක් නමක් සඳහා පිණ්ඩපාත දානමය පින්කම මෙවරත් ජූලි මස 31 වෙනි දින පෙරවරු 9.00ට කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත. දහවල් දානය පිරිනැමීම ලේක්හවුස් බෞද්ධ සංගමයේ සංවිධායකත්වයෙන් ලේක්හවුස් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් පිරිනැමෙන අතර ගමන් මාර්ගයේ දැක්වෙන සියලු ආයතන මගින් සෙසු පිරිකර පිරිනැමීම සිදුකෙරේ.

මේ පිරිකර දුෂ්කර පළාත්වල පන්සල්, පිරිවෙන් සහ පාසල්වලට පිරිනැමීමට නියමිතය.

Comments