
නව ග්‍රහයන් අතරින් ග්‍රහ ලොව සුරතලිය හෙවත් සුකුමාලිය ලෙස හඳුන්වන ශූක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා අගෝසතු මස 07 වන සඳු දින උදේ 10.57ට කටක රාශියේ සිට රවි හිමි සිංහ රාශියට පිවිසෙනු ඇත. මෙම ග්‍රහ මාරුව සමඟින් මෙතෙක් සඳුගේ කටක රැසේ සතුරුව ගමන් කළ සිකුරු නැවතත් සතුරුව වුවත් රවිගේ රාශියක ගමන් කිරීම මත පසුගිය කාලය පුරා පැවති යම් යම් අපල තත්ත්ව හා රටවැසියා පැත්තෙන් පැවති යම් බාධාකාරී තත්ත්ව පහව ගොස් සුබපල උදා වීමක් ලෙස මෙම ග්‍රහ මාරුව සැලකිය හැකිය.
මෙම ග්‍රහ මාරුව සමඟින් ලග්න 12 අතරින් වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු සහ මීන යන ලග්න 6ට සුබ ප්‍රතිඵල උදා වේ. ඒ අතර මේෂ, මිථුන, කටක, සිංහ, මකර සහ කුම්භ යන ලග්නවලට මෙ ග්‍රහ මාරුව සමපල දායක වනු ඇත. මෙම ග්‍රහ චලිතයත් සමඟින් සිකුරු 2023 නොවැම්බර් 30 වනදා දක්වාම සිංහ රැසේ ග්‍රහ ගමනක යෙදෙනු ඇත. ග්‍රහ ලොව රජු වන රවි හෙවත් සූර්යයාගේ සිංහ රාශියේ ගෝචර වන මෙම සිකුරු ග්‍රහ මාරුව හේතුකොටගෙන මාසයකට ආසන්න ඉදිරි කාල සීමාව තුළ ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක් වන අතර කාලගුණ වෙනස්කම් බහුල වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන් හා ස්ත්‍රීන්ට මෙම කාල සීමාව සමපලදායක වනු ඇත. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා බහුලව ඇති වේ.
පොදුවේ ලග්න වශයෙන් ගත් කල සිකුරු සිංහයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදාවනු ඇත. අපල තත්ත්වයන් පවතින ලග්න හිමියන් සිකුරාදා දිනවල සවස 6ත් 7ත් අතර කාලයේදී බෝධි පූජා පවත්වා පත්තිනි මෑණියන්ට පින් දීම යහපත් වනු ඇත.
මේෂ - අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. ඒ සම්බන්ධ කටයුතුවල දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය.
වෘෂභ - මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි.
මිථුන - ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබය.
කටක - ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට කාලය, ශ්‍රමය, ධනය වැය කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක් ඉවත් වෙයි.
සිංහ - විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත.
කන්‍යා - මෙතෙක් කාලයක් අඩාළව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ.
තුලා - සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍ර පලදායක වේ.
වෘශ්චික - හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසේ. වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් ඇත.
ධනු - ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන් සොයා ගැනීමට අපහසු අසනීප ඇතිවිය හැකිය.
මකර - සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය.
කුම්භ - සතුරු කරදර ඇතිවන අතර රෝග පීඩා සහ අස්ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත.
මීන - මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමග මතභේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ හිමිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබය. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳ කාලයකි. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩක් ඇත. ආගමට දහමට නැඹුරු වන කාලයකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ