නිවසේ වාස්තු දෝෂ වළකන බළල් සුරතලුන්ගේ හැසිරීම | Page 2 | සිළුමිණ

නිවසේ වාස්තු දෝෂ වළකන බළල් සුරතලුන්ගේ හැසිරීම

 

 

නිවස අභ්‍යන්තරයේ බළලුන්ගේ හැසිරීම හේතුකොටගෙන නිවසට අහිතකරව බලපාන අශුභ ශක්තීන් ඉවත්ව යන බව නවීන වාස්තු විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හෙළි වී තිබේ.

විශේෂයෙන්ම අශුභ ශක්තීන් වෙත ඔවුන් වැඩි ආකර්ෂණය වන බව බළලුන්ගේ හැසිරීම් පිළිබඳව කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇත.

බළලුන්ගේ හැසිරීම් අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ ඔවුන් අශුභ ශක්තීන් වෙත ආකර්ෂණය වී ඒවා අවශෝෂණය කර ගැනීම තුළ නිවැසියන්ට වඩාත් හිතකර පරිසරයක් නිවස තුළ උදා වන බවයි.

සාමාන්‍යයෙන් නිවසක බළලුන් ලැග සිටින තැන් නිවැසියන්ට අහිතකර තැන් ලෙසත් මෙම පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇති අතර එම ස්ථානවල ඔවුන් ලැග සිටීම මඟින් අශුභ ශක්තීන් එමඟින් ඉවත්වන බව ද අනාවරණය වී ඇත. මේ ආකාරයට අශුභ ශක්තීන් ඉවත්වීම තුළ නිවසේ වාස්තු දෝෂ නිවාරණය වීමට එය බලපාන බව ද මෙම පර්යේෂණයන්ගෙන් තවදුරටත් තහවුරු වී තිබේ.

වාස්තු විද්‍යාවේදී කිසිදු උපකරණයක් භාවිත නොකර අහිතකර ශක්තිමය බලපෑම් හඳුනාගත හැකි සරල පහසු ක්‍රමවේදයක් වන්නේ සතුන්ගේ හැසිරීම් අධ්‍යයනයෙන් මෙකී අහිතකර තත්ත්වයන් හඳුනා ගැනීමයි. මේ සඳහා විවිධ සතුන් අදාළ ශක්ති ක්‍රියාවලීනට දක්වන ආවේණික ප්‍රතිචාරයන් තුළ මෙබඳු නිවාරණයන් සිදුවන බව ද අනාවරණය වී ඇත.

 

සිවිල් ඉංජිනේරු,

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය,

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ

ප්‍රධාන පර්යේෂක

ජනක ප්‍රියන්ත දයාරත්න

Comments