![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/28/IMG-20230727-WA0030.jpg?itok=Q__Dx2W_)
මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙයි.
සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි .
අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව පාසල් නිල ඇදුමින් සැරසී මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කර ඇත.
පොලීසිය සඳහන් කළේ, අනතුරින් යතුරුපැදිය ධාවනය කළ සිසුවා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
ඔවුන් 16 හැවිරිදි වියේ පසුවූ රුවන්වැල්ල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය බව පැවසෙයි
පොලිස් මුලස්ථානය සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.