ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය සම්බන්ධයෙන් චීනය ජපානයෙන් ඉල්ලීමක් කරයි | Page 2 | සිළුමිණ

ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය සම්බන්ධයෙන් චීනය ජපානයෙන් ඉල්ලීමක් කරයි

ජපාන බලධාරීන් ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම බලහත්කාරයෙන් සිදුකිරීම සම්බන්ධයෙන්, චීනයේ දැඩි ස්ථාවරය සහ දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning අවධාරණය කරයි.
 
ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී ඇය මේ  බව පැවසුවේ, චීන සහ ජපාන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවති සාකච්ඡා පිළිබඳ කරුණු විස්තර කරමිනි.
 
න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම සම්බන්ධයෙන් තමන්ගේ මතයේ පමණක් ම එල්බ නොසිටින ලෙස‍ චීනය ජපානයෙන් ඉල්ලා සිටි බවද ඇය පැවසුවාය.
 
චීන සහ ජපාන බලධාරීහු පසුගිය 22 වැනිදා ටෝකියෝ නුවර දී මෙම වසරේ තෙවැනි කාර්ය උපදේශනය පැවැත්වූහ. චීන-ජපාන සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ගිවිසුමේ 45 වැනි සංවත්සරය නිමිති කරගනිමින්, ප්‍රායෝගික සහයෝගිතා සහ මානව සංස්කෘතික හුවමාරු ශක්තිමත් කළ යුතු බව, දෙපාර්ශ්වයේ ම අදහස වී තිබේ.

Comments