British Council වෙතින් “IELTS Ready Premium” | Page 2 | සිළුමිණ

British Council වෙතින් “IELTS Ready Premium”

British Council IELTS පිරිනමන නවතම සේවාව වන IELTS Ready Premium හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මෙය IELTS විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට අත්වැලක් වීම සඳහා British Council විසින් හඳුන්වා දෙන ලද නවතම සේවාවයි.

IELTS Ready: Premium සේවාවට IELTS ආදර්ශ පරීක්ෂණ 40 ක් සහ පටිගත කරන ලද පාඩම් මාලාවක් ඇතුළත් වන අතර, ඉංග්‍රීසි ස්වභාෂකයන් (Native English speakers) වන IELTS විශේෂඥයන් විසින් උපදෙස් හා මගපෙන්වීම් ලබාදීම සිදුකෙරේ. කාලය සීමිත සහ කාලය සීමිත නොවන ක්‍රමවලට ආදර්ශ පරීක්ෂණවලට පිළිතුරු ලබාදිය හැකි අතර, පරීක්ෂණයට පෙනී සිටින්නට වඩාත්ම ප්‍රයෝජනවත් වන ආකාරයට පිළිතුරු විශ්ලේෂණය කිරීම සිදුකරනු ලබයි. IELTS Ready: Premium පදනම බලගන්වනු ලබන්නේ, ලන්ඩන් නගරය පදනම් කරගත් ඩිජිටල් ඉංග්‍රීසි ඉගෙනුම් සේවා සම්පාදක සමාගමක් වන GEL මඟිනි.

පරිශීලකයන්ට IELTS Ready: Premium වෙතින් පහත සඳහන් සහයන් ලබාගත හැකි වේ. පරීක්ෂකවරුන් සැලකිලිමත් වනුයේ කුමන කරුණු සම්බන්ධයෙන්ද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගනිමින්, අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට උපකාරී වන ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු කියවීම් සහ සවන් දීම් ප්‍රශ්නවලට අදාළ ප්‍රතිචාර අයදුම්කරුවන් වැඩිදියුණු කරගත යුතු අංශ සඳහා විශේෂ මගපෙන්වීම් පරීක්ෂණයට මුහුණ දීමට හුරු කරවන වීඩියෝ දර්ශන ILETS පරීක්ෂණයට පෙනී සිටීම සඳහා British Council හි ලියාපදිංචි වන අයදුම්කරුවන්ට, ලියාපදිංචියේ සිට පරීක්ෂණය පැවැත්වෙන තුරුම IELTS Ready: Premium සේවාව සීමාවකින් තොරව නොමිලේ භාවිත කළ හැකි වේ. නියමු ව්‍යාපෘතියක් වශයෙන් IELTS Ready: Premium සේවාව අත්හදා බලන ලද කාල සීමාව තුළ, IELTS විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන්නන් වෙතින් එයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට එම සේවාව උපකාරී වූ බව අයදුම්කරුවන් අතරින් 97% ක් පැවසූ අතර, එය වෙනත් අයටද නිර්දේශ කරන බව 98% ක් පැවසූහ.

Comments