![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/21/Biz09.jpg?itok=_WYfFWEj)
සියලු දෙනා ඉතා උද්යෝගයෙන් බලාපොරොත්තු වී සිටී NCUK International Foundation Year සහ APIIT Sri Lanka Foundation සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා Monarch Imperial Ballroom හි උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පැමිණි මරිය මැකෙනා (ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා - NCUK)) ගේ සහභාගිත්වයෙන් වර්ණවත් වූ මෙම උත්සවය NCUK International Foundation Year සහ APIIT Sri Lanka Foundation, Business, Law සහ Computing යන අංශයන්හි පාඨමාලා සාර්ථකව අවසන් කර සිසුන්ගේ විශිෂ්ට දක්ෂතාවයන් ඉතා හරසරයෙන් ඇගයීමට ලක් කරන ලදි. හුදෙක් උසස් අධ්‍යාපනයට පමණක් කොටු නොවූ, ජීවිතය ජය ගන්නට අවශ්‍ය කරන හැකියාවන් සහ අඩිතාලම දැමීමේ අභිප්‍රායෙන් APIIT Sri Lanka Foundation ආයතනය. Computing, Business සහ APIIT Sri Lanka යන විෂය ධාරාවන් තුනකින් පාඨමාලා පිරිනමනු ලැබේ. මෙම පාඨමාලා එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවන් වලට හොඳින් ගැළපෙන සේ ක්‍රමානුකූලව නිර්මාණය කොට ඇත.