AIA ඉන්ෂුවරන්ස් හරිතාගාර වායු විමෝචන සහතික ලබයි | Page 2 | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් හරිතාගාර වායු විමෝචන සහතික ලබයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමේ සිය කැපවීම තවදුරටත් විදහාපාමින්, ISO 14064-12018 හරිතාගාර වායු විමෝචන සහතික ලත් බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. මෙම ඇගයීම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සහතිකයක් වන අතර මෙමඟින් තිරසාර පැවැත්මක් සඳහා සමාගමේ කැපවීම සහ කාබන් පියසටහන් සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සිදු කරන්නා වූ ප්‍රයත්නයන් ඇගයුමට ලක් කරයි.

උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැඩි සුදුසුකම් ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිදු කරන්නා වූ මෙම සහතිකත්ව වැඩසටහන ඔස්සේ හරිතාගාර වායු විමෝචනය මැනීමට සහ අඩු කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන සහ සමස්ත සමාගම පුරාවට එම කර්තව්‍ය සඳහා සහභාගීත්වයක් ඇති බව තහවුරු කරන්නා වූ සමාගම් ඇගයේ.

Comments