
බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස අඛණ්ඩව 11 වන වරටත් ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇගයීමට ලක්විය. පසුගිය වසරේදී සමස්ත ලංකාවම ආවරණය කරමින් සියලුම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගෙන් රුධිර පයින්ට් 5700 වඩා ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලදී. 2011 වසරේ සිට බ්‍රැන්ඩික්ස් සමූහය රුධිර පයින්ට් 42,041 ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ සෑම රුධිර පරිත්‍යාගශීලීන් 100 දෙනෙකුගෙන් එක් අයෙක් බ්‍රැන්ඩික්ස් පවුලට අයත් සාමාජිකයෙකි.
කොළඹදී ජාතික රුධිර පාරවිලයන සේවය මඟින් සංවිධානය කළ වැඩසටහනකදී බ්‍රැන්ඩික්ස් මෙලෙස ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙසත්, විශාලතම ජංගම ව්‍යාපාරයේ සංවිධායකයා ලෙසත් ඇගයීමට ලක්විය. එහිදී මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනය නැඟෙනහිර පළාතේ හොඳම ජංගම ප්‍රචාරක සංවිධායකයා හා ඉහළම දායකයා ලෙස ද, අවිස්සාවේල්ලේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනය කලාපයේ හොඳම ජංගම රුධිර පරිත්‍යාග ප්‍රචාරක සංවිධායකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.