![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/21/Biz10.jpg?itok=yyBEHLT6)
ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයේ නවතම සුපිරි වෙළෙඳසැල නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ අංක 225 යන ලිපිනයේ විවෘත කළ බව සතුටින් නිවේදනය කරයි. මෙය ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයට අයත් 38 වන සුපිරි වෙළෙඳසැල වන අතර, නුගේගොඩ ප්‍රදේශය ආශ්රිත පාරිභෝගික ජනතාවට පහසුව සලසමින් ඔවුන් වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම එමඟින් අරමුණු කරයි.
නව ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල මගින් පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහා, දැරිය හැකි මිලකට පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන පෙළක් ලබා දෙන අතර, ගුණාත්මක බවින් හා උසස් ප්‍රමිතියෙන් යුත් අත්‍යවශ්‍යය භාණ්ඩ, නැවුම් එළවළු සහ පලතුරු, බේකරි නිෂ්පාදන, ගෘහාශ්‍රිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු නිෂ්පාදන රැසක් තෝරා ගැනීමේ පහසුකම් ලබා දෙයි. එමෙන් ම මෙම ශාඛාව මනා ඉඩකඩකින් යුක්ත වන අතර, නවීන පහසුකම් සහිතව පාරිභෝගිකයින් වෙත සුහදශීලී, කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා දැනුමින් පිරිපූන් සාමාජික සාමාජිකාවන් පිරිසක් සමඟින් ඉතා ආකර්ෂණීය සුපිරි වෙළෙඳසැල් අත්දැකීමක් ලබා දෙයි.