
ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදකයන් වෙනුවෙන් තවත් අවුරුදු කිහිපයක් GSP + සහනය දීර්ඝ කිරීමක් සිදුවී ඇතැයිද මේ රටේ වැඩ කරන පන්තියට ඒ සහනය නොලැබීම නිසා GSP + සහනය හැමදාම අවදානමට ලක් වූ බවද අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සිළුමිණට කියා සිටියේය.
වැඩිදුරටත් සිළුමිණට අදහස් දැක්වූ අන්තර් සමාගම් සභාපතිවරයා මෙසේද අවධාරණය කළේය.
‘‘මේ රටේ සංවිධානය වීමේ අයිතිය පිළි නොගැනීම ප්‍රජාතාන්ත්‍රික අයිතිය අභියෝගයට ලක්වීම, වෘත්තිය සමිති මර්දනය, මානව හිමිකම් මර්දනය සිදුවූ නිසා මේ GSP + සහනය අහිමි වීමේ අවදානමට හැමදාමත් ලක්වුණේ. මේ අපට දෙන GSP + සහනය රටේ වැඩ කරන ජනතාවට ලැබෙන ආකාරයක් තවමත් සකස් වී නැත.
වෙළෙඳ කලාපවල කම්කරුවන්ට සංවිධානය වීමේ අයිතිය තවමත් පිළිඅරගෙන නැහැ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය පිළිගත් අයිතින් පවා අපේ වැඩකරන ජනතාවට අහිමි කර තියෙනවා. අපේ රටේ අපනයනකරුවන්ට විදුලි බිල් සහ අධික ජීවන බර නිසා රට තුළ ඇතිවෙලා තියෙන අර්බුදයට යම් සහනයක් මෙමඟින් ලැබෙනවා නම් හොඳයි. ‘‘