
ලොතරැයි ආදි ජයග්‍රහණ අපේක්ෂාවෙන් සිටින බොහෝ අය සමාජයේ සිටිති. මේ අයට පහසුවක් ලෙස මෙම ලිපිය අවධානයට ගැනීමට සුදුසුය. තමන්ගේ උපන් නැකත ඇසුරින් නියමිත පක්ෂියා තෝරා ගන්න. පක්ෂියා රජ වන මොහොත අව පක්ෂය සහ පුර පක්ෂය අනුව වගුවලින් දක්වා ඇත. පක්ෂියා රජ වන සූක්ෂ්ම අවස්ථාව එම වගුවේ සටහන් වේ.
උපන් නැකත් අනුව හිමි පක්ෂියා හඳුනාගන්න. අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස නැකැත්වලට රාජාලියා ද අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් නැකැත්වලට බකමූණා ද උත්‍රපල්, හත, සිත, සා, විසා නැකැත්වලට කපුටා ද අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ නැකැත්වලට කුකුළා ද දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී නැකැත්වලට මොනරා ද හිමිවේ.
ඉරිදා සහ සෙනසුරාදාට සුබ දිශාව දකුණය. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සුබ දිශාව උතුරය. අඟහරුවාදාට සුබ දිශාව නැඟෙනහිර දිශාවයි.
ඔබේ උපන් දිනය අනුව වාසනා අංකය හඳුනාගන්න. එය ලබා ගැනීමට මෙලෙස උනන්දු වන්න. උපන් දිනය 1998 - 08 - 05 දිනයැයි සිතමු. මෙම සංඛ්‍යා හරස් අතට එකතු කරන්න. තනි සංඛ්‍යාවක් ලැබෙනතුරු එකතු කරන්න.
1 + 9 + 9 + 8 + 8 + 5 = 40
4 + 0 = 4
ඉහත උපන් දිනයට ලැබෙන වාසනා අංකය 4 සංඛ්‍යාවයි. ඒ අනුව ජය අංක කිහිපයකි. එනම්
4, 13, 22, 31, 40, 58, 67, 76 වේ
ඉංග්‍රීසි ජය අක්ෂර D, M, V වේ.
මෙහි කාලය දක්වා ඇත්තේ පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා බව සලකන්න. තමන්ගේ නැකතට හිමි පක්ෂියාට අදාළ දිනවල රජවන සූක්ෂ්ම අවස්ථාව තුළ සුබ දිශාව, ජය අංකය, ජය අක්ෂරය අනුව ලොතරැයි මිලදී ගැනීම සුදුසුය. ඔබගේ පවතින ග්‍රහ දශාවන් ද මෙයට බලපායි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
පොලොන්නරුවේ
ජේ. බී. ඒකනායක